Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහින්ද විදුහල සාර්ථක පිළිතුරකට සැරසෙයි

මහින්ද විදුහල සාර්ථක පිළිතුරකට සැරසෙයි

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 113 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (16 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙන්වෙන් පන්දුවට පහරදෙමින් සිටි මහින්ද විදුහල කඩුලු 3 ක් දැවී ලකුණු 70 ක් ලබා සිටියේය.

පළමු දිනය නිමාවන විට හංසික වැලිහිඳ ලකුණු 20 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර මහින්ද ඉනිමේ බිඳවැටුණ කඩුලු 3 න් 2 කටම හිමිකම් කීමට දිලුම් සුධීර සමත් විය.

කාසියේ වාසිය දිනූ මහින්ද විදුහල් නායක රෙෂාන් කාවින්දගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රිච්මන්ඞ් විදුහලට සිය පළමු ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ ලකුණු 170 ක් පමණි.

රිච්මන්ඞ් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දෘවින්ක කලංසූරිය ලකුණු 42 ක් රැස්කළ අතර ධනංජය ලක්ෂාන් ලකුණු 31 ක්ද, දිලුම් සුධීර ලකුණු 25 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පසන් පෙතන්ගොඩ ලකුණු 46 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූ අතර රිච්මන්ඩි ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නවෝද් පරණවිතාන ලකුණු 20 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය.


රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 62.4 කදී සියලු දෙනා දැවී 170
(දෘවින්ක කලංසූරිය 42, ධනංජය ලක්ෂාන් 31, දිලුම් සුධීර 25, අවිඳු තීක්ෂණ 22, පසන් පෙතන්ගොඩ 46/5, නවෝද් පරණවිතාන 20/3)

මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 32 කදී කඩුලු 3 ක් දැවී 70
(නාවෝද් පරණවිතාන 27, හංසික වැලිහිඳ නොදැවී 20, දිලුම් සුධීර 12/2)

 


අදහස් (0)

මහින්ද විදුහල සාර්ථක පිළිතුරකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.