අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර මහින්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට මහින්ද විදුහල සමත් විය.
එහිදී මහින්ද විදුහලේ කෞෂාන් මධූෂ ලකුණු 84 කට කඩුලු 11 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූ අතර එම විදුහලේම අෂේන් කණ්ඩම්බි සහ කවීෂ මල්ලියවඩු ලකුණු 93 බැගින් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 71.3 කදී කඩුලු 9 ක් දැවී 326
(අෂේන් කණ්ඩම්බි 93, කවීෂ මල්ලියවඩු 93, ධනංජය ඉඳුවර 48, කෞෂිත කොඩිතුවක්කු 26, තෂික නිර්මාල් 97/3, පහන් සත්සර 32/2, දිනිත් නෙළුම්දෙණිය 50/2)
ජනාධිපති විදුහල් පළමු ඉනිම - ඕවර 31.1 කදී සියලු දෙනා දැවී 121
(විකුම් කල්හාර 29, දිනිත් නෙළුම්දෙණිය 20, කෞෂාන් මධූෂ 33/5, අෂේන් කණ්ඩම්බි 05/2)
ජනාධිපති විදුහල් දෙවැනි ඉනිම - ඕවර 55.4 කදී සියලු දෙනා දැවී 121
(විකුම් කල්හාර 57, අකිල රොෂාන් 47, තෙවින් තෙව්මික 35, ඉරංග හෂාන් 20, කෞෂාන් මධූෂ 51/6, නිපුන් මාලිංග 15/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.