Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ඉන්දියාව ලකුණු 71 - 30 කට පහසුවෙන් ඊයේ (29) පරාජයට පත් කළ ශ්‍රී ලංකාව දකුණු කොරියාවේ ජෙන්ජූ නුවරදී පැවැත්වෙන 13 වැනි ආසියානු දැල්පන්දු (නෙට්බෝල්) යොවුන් තරගාවලියේ අද (30) මූලික වටයේ මලයාසියාවට එරෙහිව තීරණාත්මක තරගයකට සහභාගි වීමට නියමිතය.
මෙවර තරගාවලියේ ආකෘතියට අනුව ශූරතා කුසලාන කාණ්ඩය සදහා මූලික වටයේ ඒ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව අද මලයාසියාව පරාජය කිරීමට සමත් වන්නේ නම් ඔවුන්ට වඩාත් පහසුවෙන් එහි අවසන් මහ තරගයට ප්‍රවේශවීමේ අවස්ථාව සැලසී තිබේ.
එහෙත් අද තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුවහොත් හෙට (1) සිංගප්පූරුව සමග පැවැත්වෙන තරගය ජය ගැනීම සිකුරාදා (4) පැවැත්වෙන තරගාවලියේ අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අනිවාර්ය වනු ඇත.
මලයාසියාව මෙවර තරගාවලියට සහභාගිවී සිටින රටවල් අතරත් ප්‍රබලතම ප්‍රතිවාදිනියක් ලෙස සැලකිය හැකිය.වසර 2004 සිට පසුගිය (2023) තරගාවලිය තෙක් අඛණ්ඩව හත් වරක් පිට පිටම අවසන් මහ තරගයට නිර්දේශ ලබා ඇති ඔවුන් පසුගිය තරගාවලි දෙකේදීම ( 2019 - 2023) කුසලාන දිනා ගැනීමට සමත්වීමත් ඔවුන්ගේ ප්‍රබලත්වය කියා පායි.
එහෙත් මෙවර මලයාසියාව තරගාවලියේ සෙනසුරාදා (28) මුහුණ දුන් පළමු තරගයෙන් සිංගප්පූරුවට ලකුණු 47 - 30 කින් පරාජය විය. සිංගප්පූරුව ගිය වර තරගාවලියේ අනුශූරියෝ වෙති.
ඒ අනුව මලයාසියාව අද තරගයෙන් පරාජය කිරීම ප්‍රබලතම අභියෝගයක් බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීනී හයිසින්ත් විජේසිංහ මහත්මිය එසේවූවත් ඒ සදහා සිය ක්‍රීඩිකාවන් වඩාත්ම ආත්ම විශ්වාසයෙන් යුතුව අද ඔවුන්ට මුහුණදීමට සූදානමින් සිටින බව පැවැසීය.
මේ අතර ඊයේ පැවැති මූලික වටයේ සිය දෙවැනි තරගයෙන් ඉන්දියාව පරාජය කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වට හතර 15/08 - 17/09 - 21/07 -18/06 ක් ලෙස වඩාත් පහසුවෙන් පෙරමුණ ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළහ.
මෙවර ජෙන්ජූ නුවරදී පැවැත්වෙන තරගාවලියේ නව තරග ආකෘතියට අනුව ඊට සහභාගි වන රටවල් 11 න් ශ්‍රී ලංකාව ඇතුළුව සිංගප්පූරුව මලයාසියාව, හොකොං හා ඉන්දියාව ඒ කාන්ඩයෙන් ශූරතා කුසලාන කාණ්ඩය සදහා තරග වදියි.
බී කාණ්ඩයට නිර්දේශ කර තිබෙන චීන - තායිපේ, ජපානය, කොරියාව, පාකිස්තානය, මාලදිවයින හා සෞදී අරාබිය පළග කාණ්ඩය සදහා තරග වදියි.ශ්‍රී ලංකාව පළමු තරගයෙන් හොංකොං ලකුණු 50 - 31 කින් පරාජය කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.