Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ ‘පළිහ’ කුසලාන තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර තරගයෙන් මලියදේව විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 64-13 ක ජයක් ලැබීමට සමත් වූහ.
ජයග්‍රාහි මලියදේව විදුහල ගෝල 3 කින්, උත්සාහක දිනුම් 8 කින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස් කළේය. රාජකීය විදුහල උත්සාහක දිනුම් දෙකක් සහ දඬුවම් පහරක් සාර්ථක කළේය.
මලියදේව විදුහල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 18-10 ක් ලෙස ඉදිරියෙන් පසුවිය.
ජයග්‍රාහි මලියදේව විදුහල වෙනුවෙන් ළහිරු තෙන්කෝන් උත්සාහක දිනුම් 3 ක්, ළහිරු දවුල්ගල 2 ක්, අවිෂ්ක වතුගේ, ජෙරාඞ් චන්ද්‍රසේන, හිමන්ත ධනංජය, පුලස්ති ජයසේකර, ඉෂාර හේරත් සහ යොහාන් කුමාර උත්සාහක දිනුම් බැගින් ද සම්පූර්ණ කිරීමට සමත් වූහ. රවිඳු හේරත් ගෝල ප්‍රවර්ථන සහ දඬුවම් පහර සාර්ථක කළේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.