ප‍්‍රවීණ ක‍්‍රීඩා විස්තර විචාරකයකු වු මයිකල් කරුණාතිලක මහතා අභාවප‍්‍රාප්ත විය. මිය යන විට 79 වැනි වියේ පසු වු කරුණාතිලක මහතා එක් දරු පියෙකි.
1960 දශකයේ අග භාගයේ සෙනසුරදා රාත‍්‍රියේ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සේවය ඔස්සේ විකාශය වු ‘කෙළිබිම’ ක‍්‍රීඩා වැඩසටහන කරුණාතිලක මහතා විසින් මෙහෙයවන ලදී. ඔහු 1970 දශකයේ සිට ගුවන් විදුලි සේවයේ ක‍්‍රීඩා විස්තර විචාරකයකු ලෙස කටයුතු කළේය.
වසර 1984 දී ජාතික ඔලිම්පික් කමිටුවේ පරිපාලන ලේකම්ධුරයට පිවිසි කරුණාතිලක මහතා වසර 30 කට වැඩි කාලයක් එහි සේවය කළේය. කරුණාතිලක මහතා මෙරට ක‍්‍රීඩාවට කළ මෙහෙවර ඇගයීම උදෙසා පසුගිය පෙබරවාරී මාසයේදී ජාතික ඔලිම්පික් කමිටුව විසින් මස උපහාර උත්සවයක්ද සංවිධානය කරන ලදි.
කරුණාතිලක මහතාගේ දේහය සිකුරාදා පස්වරු 2.30 ට මරදාන මෙතෝදිස්ත දේවස්ථානය කරා රැුගෙන එන අතර භූමදානය එදින පස්වරු 4.00 ට කොළඹ කනත්තේදී සිදුකෙරේ.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.