දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියේ අද (11) පැවැති මීටර 400 කඩුලූ පැන දිවීම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට කෞෂල්‍යා මධුෂානී සමත්වුවාය.
කෞෂල්‍යා, තත්පර 59. 87 ක කාලයකින් තරගය අවසන් කළාය. ඉන්දිය ක‍්‍රීඩිකාවන් වන මුර්මු ජවුනා (තත්පර 57.69) සහ අස්වානි අකුන්ජි (තත්පර 58.92) පිළිවෙලින් රන් සහ රිදී පදක්කම් දිනාගත්හ. එරන්ගා දුලක්‍ෂි ට මෙම ඉසව්වේ හිමි වුයේ සිවුවැනි ස්ථානයයි.
මීටර 400 කඩුලූ පැන දිවීම පිරිමි ඉසව්වේදී ශ‍්‍රී ලංකාවේ රවින්ද්‍ර චතුරංග පස්වැනි ස්ථානය ද, සී. ආර්. සෙනෙවිරත්න හයවැනි ස්ථානය ද ලැබුහ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.