Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවලියට යති

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවලියට යති

editorial - 2021 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් බංග්ලාදේශය බලා පිටත්ව ගියහ. මෙම තරගාවලිය මේ මස 23 වැනිදා සිට 28 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වේ. 

මධ්‍යම ආසියානු  අභියෝග කුසලාන වොලිබෝල් ශුරතාවය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස තිළිණි වාසනා කටයුතු කරන්නීය. පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස ලසිදු මෙත්මාල් කටයුතු කරයි. 

කණ්ඩායම් පිටත්ව යාමට ප්‍රථම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස් නාලක මහතා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ. 

පිරිමි කණ්ඩායම 

ඉදිරි පෙළ (වමේ සිට)
ලසිදු මෙත්මාල් (නායක), කාන්තසිරි මීගමුවගේ මහතා (කළමණාකරු), කංචන ජයරත්න මහතා (සභාපති - ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය), ඒ. එස්. නාලක මහතා (ප්‍රධාන ලේකම් - ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය), චන්න ජයසේකර මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ නිශාන් ඉන්දික මහතා (සහාය පුහුණුකරු)

පසුපෙළ(වමේ සිට)
ඒ. ඩබ්. ලක්මාල්, ඉසුරු මධුෂාන්, විදුර ප්‍රභාත්, විනෝද් මධුරංග, මලිත් දිනිදු, අයේෂ් දිල්හාන්, තරුෂ චමත්, මහේල ඉන්දීවර, හරිත හෂාන්, ධනුෂ්ක දිල්ෂාන් සහ රුචිර සම්පත්

 

කාන්තා කණ්ඩායම 

ඉදිරි පෙළ(වමේ සිට)
තිළිණි වාසනා (නායිකා), ක්‍රිෂාන්ති ජයවර්ධන මහත්මිය (කළමණාකාරිනි), කංචන ජයරත්න මහතා (සභාපති - ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය), ඒ. එස්. නාලක මහතා (ප්‍රධාන ලේකම් - ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය), චාල්ස් තිලකරත්න මහතා - (ප්‍රධාන පුහුණුකරු), චන්දිමා අකරවිට මිය (සහාය පුහුණුකාරිනි)

පසුපෙළ (වමේ සිට)
ජේ.ඩබ්.පී. තුෂාරි, ශාක්‍යා සෙව්මිණි, අප්සරා සෙව්මාලි, අයේෂා මධුරිකා, සංජීවනි කරුණාරත්න, කංචනා විජේකෝන්, කවිෂා ලක්ෂානී, චතුරිකා රණසිංහ, අශානි චමෝදිකා, ප්‍රීතිකා ප්‍රමෝදනී, සජිනි මේනුකා

 


අදහස් (0)

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.