Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මත්පැන් අලෙවිය තහනම්

මත්පැන් අලෙවිය තහනම්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ප්‍රතිසංස්කරණය කරන ලද සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී මත්පැන් අලෙවි කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ නිලධාරීන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් 1991 දී ඉදිකරන ලද සුගතදාස ක්‍රීඩා නේවාසිකාගාරය සහ ආපාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව පසුගියදා විවෘත කරන ලදී. “
“සුගතදාස ක්‍රීඩා හෝටලයේ මත්පැන් අලෙවිය නැවැත්වීමට මම තීරණයක් ගත්තා”

“සරලව කියනව නම් මෙම ක්‍රීඩාංගණයෙන් අපේ බොහෝ තරුණයන්ගේ ක්‍රීඩා සඳහා පහසුකම් සැපයෙනවා. පසුගිය වසර කිහිපය තුළ මෙහි ප්‍රතිසංස්කරණයන් කරල තියෙනවා. ඒ අතරින් කැපී පෙනෙනම අංගයක් වුනේ අලුතින් නිර්මාණය කරපු ධාවන පථය. මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ වෙනත් ක්‍රීඩාවන් සඳහා සුගතදාස ක්‍රීඩාංගණයෙන් විශාල පහසුකම් සැපයෙනවා” ෆයසිර් මුස්තාපා මහතාගේ ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් විය.

 

- 024

 


අදහස් (0)

මත්පැන් අලෙවිය තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.