
(නාමල් පතිරගේ)
රටේ උද්ගතවූ ගංවතුර තත්වය හේතුවෙන් කල් දමනු ලැබූ ජාතික ශූරතා මංචි කුසලාන සුපර් ලීග් වොලිබෝල් (කාන්තා - පිරිමි) තරගාවලිය මෙම මස 12 වැනිදා සිට වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැලසුම් කර තිබේ.
ඒ අනුව එහි කාන්තා හා පිරිමි මූලික වටයේ තරග එදින සිට 16 වැනිදා දක්වා දින පහක් වතුපිටිවල ගෘහස්ථ පිටියේදී පැවැත්වීමට කටයුතු කෙරේ.පසුගිය දෙසැම්බර් 1වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබූ මෙම තරගාවලිය.රට තුළ උද්ගත වූ ගංවතුර තත්වය නිසා කල් දැමීය.
කෙසේවූවත් මෙම තරගාවලිය නැවැත දෙසැම්බර් 10 සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට ගත් තීරණයද එහිදී ප්‍රති සංශෝධනය කර තිබේ.මෙවර සුපර් ලීග් තරගාවලියේ කාන්තා හා පිරිමි ඉසව් සදහා කණ්ඩායම් අටක් බැගින් සහභාගි වේ.දෙසැම්බර් 12 වැනිදා පෙරවරු 8 ට වරාය අධිකාරිය පිල හා ගුවන් හමුදා පිල අතර තරගයෙන් මෙවර පිරිමි ඉසව්ව ආරම්භ වේ.
එදින පස්වරු 4 ට පැවැත්වෙන ගුවන් හමුදා පිල හා හයිද්‍රාමනි පිල අතර තරගයෙන් කාන්තා ඉසව්වේ මූලික වටය ආරම්භවීමට නියමිතය.
මාෂ් කැෂුවලයින්, ඔමේගා ලයින්, වරාය අධිකාරිය, යුද හමුදා, නාවික හමුදා, පොලිස් කාන්තා ඉසව්වට සහභාගි වන සෙසු කණ්ඩායම් වෙති.නාවික හමුදා, පොලිස්, විදුලි බල මණ්ඩල, යුද හමුදා, ඒකාබද්ධ විශ්ව විද්‍යාල හා තරුණ සේවා සභාව යන කණ්ඩායම් පිරිමි ඉසව්වට එක්ව සිටින සෙසු කණ්ඩායම් වෙති.
මංචි කුසලාන ජාතික වොලිබෝල් තරගමාලාවේ කණ්ඩායම් 3000 ක් සහභාගි වන කල් දැමූ ආධුනික (කාන්තා - පිරිමි) කාණ්ඩයේ තරගාවලියේ මූලික වටයත් ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි වොලිබෝල් සම්මේලනය පවසයි.
පළාත් හතකදී එහි දිස්ත්‍රික් (මූලික) තරග වටය පසුගිය දෙසැම්බර් 6 - 7 දෙදින පැවැත්වීමට සැලසුම් කර තිබියදී අත් හිටුවීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.