Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තමන් නැවතත් අයි.පී.එල්. පිටියට පිවිසියේ සිය බිරිඳ වන ගීතා බාස්රාගේ ඉල්ලීමක් නිසා බව කොල්කාටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අලුතින් එක්වූ හර්බජන් සිං කියයි. කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති අයිපීඑල් තරගාවලියෙන් ඉවත් වීමට ගත් තීරණය ගැන හෙළිදරව් කරමින් හර්බජාන් සිං පැවසීය.
එවකට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ 40 හැවිරිදි හර්බජාන් කියා සිටියේ තම පවුල මෙන්ම ඉන්දියාවට ආපසු යාමේ දී පිළිපැදිය යුතු වූ තදබල නිරෝධායන නීති පිළිබඳව තමා සැලකිලිමත් වූ බවයි.
“නමුත් මේ වසරේ තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙන්නේ. ඇරත් අපි දැන් මේ අලුත් සාමාන්‍යය තතත්වයට පුරුදු වෙලා” යයිද හර්බජාන් පැවසීය.
“එන්නත් ඇවිල්ලා.... ඒ වගේම මගේ පවුලේ අයත් මාව මෙතනට තල්ලු කළා.... මගේ බිරිඳ (ගීතා) තමයි මට කිව්වේ ගිහින් සෙල්ලම් කරන්න කියලා” යයි හර්බජන් සිං ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබිණ.
මුම්බායි ඉන්දියන්ස් පිල මෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් පිල වෙනුවෙන්ද ක්‍රීඩා කළ පිට දඟ පන්දු යවන්නා, මේ වසරේදී චෙන්නායි කණ්ඩායම විසින් ගිවිසුමෙන් නිදහස් කරන ලදි. පසුව පෙබරවාරි 18 දා පැවැති අයිපීඑල් 2021 වෙන්දේසියේදී ඔහුගේ මූලික තක්සේරුව වූ රුපියල් කෝටි 2 ක මුදලකට කොල්කටා පිල විසින් හර්බජාන්ව මිලදී ගන්නා ලදි.
මුම්බායි පිලේ සිටියදී මෙන්ම චෙන්නායි පිලේ සිටියදීත් අයි.පී.එල්. කුසලාන දිනා ඇති හර්බජාන් අයි.පී.එල්. තරග 160 කදී කඩුලු 150 ක් දවාගෙන තිබේ. හර්බජන් සිං පුහුණු සැසි සඳහා කණ්ඩායම් බුබුලට එක්වීමට පෙර දින 7 ක නිරෝධායනයක නිරතව සිටී.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.