Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බ්ලූම්ෆීල්ඞ් පිලට පළමු ඉනිමේ ජයක්

බ්ලූම්ෆීල්ඞ් පිලට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායම ඊයේ (10) සමත්විය.

කාසියේ වාසිය දිනාගත් බ්ලූම්ෆීල්ඞ් පිල පලමුව පන්දුවට පහරදීම සඳහා නාවික හමුදා පිලට ආරාධනා කළ අතර ඔවුන් සියලුදෙනා දැවී පළමු ඉනිමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 111 ක් පමණි. එහිදී චමෝද් පියුමාල් කඩුලු 5 ක් සහ ශාලුක සිල්වා කඩුලු 3 ක් දවාගනිමින් බ්ලූම්ෆීල්ඞ් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිළිතුරු ඉනිම ඇරඹූ බ්ලූම්ෆීල්ඞ් පිල සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 170 ක් රැස්කළ අතර කසුන් ඒකනායක ලකුණු 44 ක් සහ සචින් ජයවර්ධන ලකුණු 38 ක් රැස්කිරීමට සමත්වූහ. කවිශ්ක ඩිල්ශාන් කඩුලු 4 ක් දවාගනිමින් නාවික හමුදා පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ලකුණු 59 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹු නාවික හමුදා පිල කඩුලු 9 ක් දැවී ලකුණු 235 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය. ඩිලාන් චන්දිම ලකුණු 43 ක් රැස්කරමින් නාවික හමුදා දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ අතර මදුශාන් රවිචන්ද්‍රකුමාර් කඩුලු 4 ක් සහ ශාලුක සිල්වා කඩුලු 3 ක් දවාගැනීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය බ්ලූම්ෆීල්ඞ් පිලට තරගය අවසන් කරනවිට කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 40 ක් පමණි. කවික ඩිල්ශාන් කඩුලු 3 ක් සහ අමීන් මිෆ්නාල් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

නාවික හමුදාව - පළමු ඉනිම - ඕවර 31 කදී සියලුදෙනා දැවී ලකුණු 111
(රෙවන් කෙලී 36, මාලිංග ද සිල්වා 30, චමෝද් පියුමාල් 48/5, ශාලුක සිල්වා 19/3)

බ්ලූම්ෆීල්ඞ් - පළමු ඉනිම - ඕවර 36.3 කදී සියලුදෙනා දැවී ලකුණු 170
(කසුන් ඒකනායක 44, සචින් ජයවර්ධන 38, ඉම්රාන් ඛාන් 36, කවිශ්ක ඩිල්ශාන් 41/4, මාලිංග ද සිල්වා 42/2)

නාවික හමුදාව - දෙවැනි ඉනිම - ඕවර 51.1 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 235
(ආසිරි ද සිල්වා 29, රෙවන් කෙලී 36, කවික ඩිල්ශාන් 36, ඩිලාන් චන්දිම 43, ශලිත් ප්‍රනාන්දු 25, නුවන් සම්පත් නොදැවී 22, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 86/4, ශාලුක සිල්වා 33/3)

බ්ලූම්ෆීල්ඞ් - දෙවැනි ඉනිම - ඕවර 9 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 40
(මදුශාන් රවිචන්ද්‍රකුමාර් නොදැවී 28, කවික ඩිල්ශාන් 10/3, අමීන් මිෆ්නාල් 14/2)

 


අදහස් (0)

බ්ලූම්ෆීල්ඞ් පිලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.