Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බදුරලියට පෙරළිකාර ජයක්

බදුරලියට පෙරළිකාර ජයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ විස්සයි20 තරගාවලියේ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 10 ක ජයක් හිමිකර ගැනීමට බදුරලිය කණ්ඩායම අද (25 වැනිදා) සමත්විය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන අත්දැකීම් බහුල ක්‍රීඩකයින් පිරිසකගෙන් එස්.එස්.සී. කණ්ඩායම සමන්විත වුවද බදුරලිය කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

තවත් තරග 10 ක් ක්‍රීඩාංගණ 6 කදී පැවැති අතර සී.සී.සී, සැරසන්ස්, කෝල්ට්ස්, එන්.සී.සී, රාගම, යුදහමුදාව, ද්‍රවිඩ සංගමය සහ මුවර්ස් යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.

හලාවත මේරියන්ස් සහ බි.ආර්.සී. කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයත් වරාය අධිකාරිය සහ ලන්කන් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයත් අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් විසඳුමකින් තොරව අවසන්විය.

 

එස්.එස්.සී. සහ බදුරලිය කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී

බදුරලියට ලකුණු 10 ක ජයක් (ඩක්වත්/ලුවිස්)

බදුරලිය - ඕවර 19.1 කදී සියලුදෙනා දැවී ලකුණු 111
(නදීර නාවල 25, සංජය චතුරංග 27, ආකාශ් සේනාරත්න 11/3, ජෙෆ්රි වැන්ඩර්සේ 31/2)
එස්.එස්.සී. - ඕවර 13 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 71
(දිමුත් කරුණාරත්න 21, දිලේෂ් ගුණරත්න 12/2, අලංකාර අසංක 25/2)

 

සී.සී.සී. සහ බ්ලූම්ෆීල්ඞ් කණ්ඩායම් අතර කෝල්ට් ක්‍රීඩාංගණයේදී

සී.සී.සී. පිලට ලකුණු 23 ක ජයක්

සී.සී.සී - ඕවර 20 කදී සියලුදෙනා දැවී ලකුණු 200
(ඩිල්ශාන් මුණවීර 43, කුසල් මෙන්ඩිස් 71, සචිත් පතිරණ 35, ලසිත් අබේරත්න 25, ඉම්රාන් ඛාන් 35/4, කසුන් රාජිත 34/2)
බ්ලූම්ෆීල්ඞ් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 177
(අදීශ නානායක්කාර 48, ප්‍රමෝද් හෙට්ටිවත්ත 31, රමේෂ් මෙන්ඩිස් 45, ලක්ෂාන් සඳකැන් 18/4, ළහිරු ගමගේ 27/2, ළහිරු මදුශංක 33/2)

 

මීගමුව සහ සැරසන්ස් කණ්ඩායම් අතර වැලිසරදී

සැරසන්ස් පිලට කඩුලු 8 ක ජයක්

මීගමුව - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී ලකුණු 143
(ඩිලාසිරි ලොකුබණ්ඩාර 30, ප්‍රසංසන ජයමාන්න 21, ලසිත් කෲස්පුල්ලේ 34, සචින් දල්පදාදු 23, චතුර රංදුණු 21/3, ඇන්ඩි සොලමන්ස් 23/3)
සැරසන්ස් - ඕවර 18.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 148
(රුවිඳු ගුණසේකර නොදැවී 54, ඇන්ඩි සොලමන්ස් 60)

 

ගාල්ල සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් පිලට ලකුණු 137 ක ජයක්

කෝල්ට්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 197
(ඩිල්රුවන් පෙරේරා 62, සහන් ආරච්චිගේ නොදැවී 66, රජිත් ප්‍රියාන් 38/2)
ගාල්ල - ඕවර 12.4 කදී සියලුදෙනා දැවී ලකුණු 60
(ප්‍රභාත් ජයසූරිය 08/4, කවිශ්ක අංජුල 22/3)

 

එන්.සී.සී. සහ පොලිස් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී. පිලට ලකුණු 39 ක ජයක්

එන්.සී.සී. - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 206
(නිරෝෂන් දික්වැල්ල 60, භානුක රාජපක්ෂ 24, දිනේෂ් චන්දිමාල් 44, උපුල් තරංග 28, බුද්ධික සංජීව 45/2)
පොලිස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 167
(මහේෂ් ප්‍රියදර්ශණ 61, සමිත් දුෂාන්ත 50, ලසිත් මාලිංග 31/3, චතුරංග ද සිල්වා 38/2)

 

කළුතර නාගරික සහ රාගම කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී

රාගමට කඩලු 7 ක ජයක්

කළුතර නාගරික - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී ලකුණු 54
(නිශාන් පීරිස් 03/4, අමිල අපෝන්සු 06/2, කුශාන් වීරක්කොඩි 09/2)
රාගම - ඕවර 10.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 58
(ශෙහාන් ප්‍රනාන්දු 22)

 

කුරුණෑගල යොවුන් සහ මූවර්ස් කණ්ඩායම් අතර පනාගොඩදී

මුවර්ස් පිලට කඩුලු 3 ක ජයක්

කුරුණෑගල යොවුන් - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(චරිත් මෙන්ඩිස් 26, මලිත් කුරේ 24, කෝසල කුලසේකර 19/2, සඳකැන් පතිරණ 19/2, සහන් අදීෂ 27/2)
මූවර්ස් - ඕවර 18.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 128
(ඉරෝෂ් සමරසූරිය 21, චරිත කුමාරසිංහ 36, චාමර සිල්වා 21, කල්හාන් සිනෙත් 25/3, හෂාන් ප්‍රභාත් 22/2)

 

යුදහමුදාව සහ පානදුර කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

යුදහමුදාවට ලකුණු 43 ක ජයක් (ඩක්වත්/ලුවිස්)

යුදහමුදාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 211
(කසුන් ද සිල්වා 70, හිමාෂ ලියනගේ 51, සීක්කුගේ ප්‍රසන්න 31, ලක්ෂාන් එදිරිසිංහ 22, අජන්ත මෙන්ඩිස් 20, විනෝද් පෙරේරා 37/4)
පානදුර - ඕවර 13 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 94
(විනෝද් පෙරේරා නොදැවී 47, දුශාන් විමුක්ති 14/2, සීක්කුගේ ප්‍රසන්න 40/2)

 

ද්‍රවිඩ සංගමය සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර වැලිසරදී

ද්‍රවිඩ සංගමයට කඩුලු 2 ක ජයක්

ගුවන් හමුදාව - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී ලකුණු 129
(සචික උදාර 26, ශොහාන් රංගික 23, ප්‍රමෝද් ලියනගමගේ 27/4, බිනුර ප්‍රනාන්දු 17/2)
ද්‍රවිඩ සංගමය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 133
(ජීවන් මෙන්ඩිස් නොදැවී 33, බිනුර ප්‍රනාන්දු 36, මිලාන් ප්‍රියනාත් 24/3, දිලිප් තාරක 24/2)

 

හලාවත මේරියන්ස් සහ බි.ආර්.සී. කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී

විසඳුමකින් තොරයි

මේරියන්ස් - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී ලකුණු 144
(සචිත්‍ර සේරසිංහ 21, රුක්ෂාන් ප්‍රනාන්දු 25, දසුන් සෙනෙවිරත්න 25, චාමික එදිරිසිංහ 16/4, තිලතරත්න සම්පත් 19/4)

 

වරාය අධිකාරිය සහ ලන්කන් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී

විසඳුමකින් තොරයි

වරාය අධිකාරිය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 172
(යශෝධ ලංකා 22, ගයාන් මනීශාන් නොදැවී 31, හෂාන් විමර්ෂණ 29, නවීන් කවිකාර 34/3, රජිත වීරසිංහ 25/2, චානක රුවන්සිරි 39/2)
ලන්කන් - ඕවර 2 කදී කඩුල්ලක් දැවී ලකුණු 16

 


අදහස් (0)

බදුරලියට පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.