අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයක් වූ ඉසිපතන විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර බී. ආර්. සී ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
මුලින්ම පන්දුවට පහරදුන් ඉසිපතන විද්‍යාලය සියලූ දෙනා දැවී ලකුණු 293 ක් රැස්කරගත් අතර ප‍්‍රමෝද් මදුවන්ත, ටොරී තබී‍්‍රව් සහ සාලින්ද උෂාන් අර්ධ ශතක ලබා ගනිමින් ඉසිපතන ඉනිම ශක්තිමත් කළොය. දිනිදු සමෝදන ලකුණු 52 කට කඩුලූ 5 ක් ලබා ගනිමින් බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වුහ.
ඉසිපතන විදුහල - පළමු ඉනිම ඕවර 84.4 කදී සියලූ දෙනා දැවී 293
(ප‍්‍රමෝද් මදුවන්ත 56, ටොරී තාබෲ 54, සාලින්ද උෂාන් 51, කැළුම් බැස්ටියන්ස් 38, සචින් ජයසූරිය 37, දිනිදු සමෝදන 52/5, රත්සර විතාන 71/3)
බණ්ඩාරනායක විදුහල - පළමු ඉනිම ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී 137
(රත්සර විතාන 50, වගීෂ නානායක්කාර 21, ටොරී තාබෲ 11/4, චමීර දිසානායක 27/3)
බණ්ඩාරනායක විදුහල - දෙවන ඉනිම ඕවර 65 කදී කඩුලූ 6 ක් දැවී 148
(සදුන් සසංක 56, රත්සර විතාන 27, සසිරි අධිකාරි නොදැවී 23, චමීර දිසානායක 56/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.