ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන ‘ලංකා ප්ලේට්’ ආධුනික කැරම් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ සමත්විය. මින්සාදි ලක්නාරා මන්ත‍්‍රීගේ කාන්තා කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගත්තාය.
කොහුවල ශ්‍රී ලංකා කැරම් මුලස්ථානයේදී පැවැති මෙම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 180 කට වැඩි පිරිසක් සහභාගි වුහ.
පිරිමි කේවළ ඉසව්වේ අවසන් තරගයේදී සශ්‍රීක මුතුනායක තරග වට 2-1 කින් පරාජය කිරීමට බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ සමත්විය. මින්සාදි ලක්නාරා සහ මධූෂා දුලංජලී විතාන අතර පැවැති කාන්තා කේවළ ඉසව්වේ අවසන් තරගයෙන් මින්සාදා තරග වට 2-0 ක ජයක් ලැබුවාය.
කේවළ ඉසව්වලට අමතරව පිරිමි සහ කාන්තා යුගල ඉසව් ද පැවැත්විණ.
අවසන් තරග ප‍්‍රතිඵල:
පිරිමි කේවළ ඉසව්ව
බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ විසින් සශ්‍රීක මුතුනායක පරාජය කරන ලදී. (25/3, 16/21, 25/5)
කාන්තා කේවළ ඉසව්ව
මින්සාදි ලක්නාරා මන්ත‍්‍රීගේ විසින් මධූෂා දුලංජලී විතාන පරාජය කරන ලදී. (25/4, 24/17)
පිරිමි යුගල ඉසව්ව
ප‍්‍රමේද මෙන්ඩිස් සහ ශශ්‍රීක මුතුනායක විසින් එස්.ඒ.එස්. සේනාධි සහ ඒ.එන්.එම්.අමීර් පරාජය කරන ලදී. (19/13, 24/00)
කාන්තා යුගල ඉසව්ව
රෙබෙකා ඩැල්රින් ගේබි‍්‍රයල් සහ නිමාලි මධුෂානී විජේරත්න විසිින් සුචිනි ශෂිකලා සහ මාෂා නිර්මාණී පරාජය කරන ලදී. (24/15, 25/9)
බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ
මින්සාදි ලක්නාරා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.