(නාමල් පතිරගේ )
ජාතික ශූරතා වොලිබෝල් තරග මාලාවේ ආධුනික (බී) කාන්ඩයේ අවසන් මහ තරගයෙන් සිය කණ්ඩායම ඉවත් කිරීමට තරග සංවිධායකයන් ගත් තීරණයට එරෙහිව තමන් අධිකරණය හමුවට යන බව පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය පවසයි.
එහි සභාපති චතුරංග ධර්මකීර්ති මහතා ඒ පිළිබදව ලංකාදීපයට යොමු කළ නිවේදනයක දැක්වෙන්නේ බී කාන්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටි සිය ක්‍රීඩා සමාජය තරගාවලියෙන් ඉවත් කිරීමට වොලිබෝල් සම්මේලනය ගත් තීරණය අසාධාරණ වන බැවින් ඒ සම්බන්ධයෙන් මේ වන විට සිය ක්‍රීඩා සමාජය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.
පොතුපිටිය මහ විදුහල් පිටියේදී පැවැති අවසන් පූර්ව වටයේදී හලාවත ෆාහිම් ජෙම්ස් කණ්ඩායම සමග පැවැති තරගය ජය ගනිමින් තරගාවලියේ අවසන් මහ තරගයට ප්‍රවේශ වීමට ලකී සික්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. එහෙත් තරගයෙන් අනතුරුව ෆාහිම් ජෙම්ස් කණ්ඩායම ගොනු කළ විරෝධතාවයක් සළකා බැලූ වොලිබෝල් සම්මේලනය ලකී සික්ස් කණ්ඩායමේ අවසන් පූර්ව තරග ජය අවලංගු කරමින් අවසන් මහ තරගයේ අවස්ථාව ෆාහිම් ජෙම්ස් කණ්ඩායමට පිරිණැමීය.
වොලිබෝල් සම්මේලනය නිවේදනය කළේ පෙබරවාරි 17 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වෙන බී කාන්ඩයේ අවසන් මහ තරගය ෆාහිම් ජෙම්ස් කණ්ඩායම හා රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායම අතර පැවැත්වෙන බවයි. එහිදීම සදහන් කර තිබුණේ තරගාවලියේ තෙවැනි ස්ථානය තල්පේ දිලෙන තරු ක්‍රීඩා සමාජයට ප්‍රදානය කරන බවයි.
මේ අතර ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාට අභියාචනාවක් යොමු කරමින් ලකී සික්ස් කණ්ඩායම ඉල්ලා ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කැදවීමට ක්‍රියා කරන ලෙසයි. ඒ අතර ලකී සික්ස් ක්‍රීඩා සමාජයේ ඉල්ලීම පරිදි මේ සම්බන්ධයෙන් තවත් විශේෂ විමර්ෂණයක් කැදවීමට වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.
ඒ පිළිබදව අධ්‍යනය කිරීම සදහා පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජයේ හා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබුණි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.