රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමණාකරන පාසලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාවේ පූනේ එම්.එම්.සී.සී. විශ්ව විද්‍යාලය අද (24 වැනිදා) සමත්විය. මෙම තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමු පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ඕවර 17.5 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 105 ක් පමණි. පෙරදින රාත්‍රියේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය ඕවර 18 කට සීමාවිය.
මලිඳු මදුරංග සහ දිනුක් වික්‍රමනායක ලකුණු 32 බැගින් රැස්කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන්වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට ඉන්දීය පන්දු යවන්නෝ අවස්ථාව ලබානොදුන්හ.
රොහාන් ඩම්ලේ ඕවර 3.5 ක් යවමින් ලකුණු 10 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර දිව්‍යාංග් හින්ගේකාර් ලකුණු 13 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 14.2 කදී ජයග්‍රහණය පහසුවෙන් ලබාගැනීමට සමත්විය.
මුර්ටාසා ශබීර් පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැස්කරමින් ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
මදුශාන් රවිචන්ද්‍රකුමාර් කඩුලු කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.
තවත් තරග 2 ක් එස්.එස්.සී. සහ එන්.සී.සී. ක්‍රීඩාංගණ වලදී පැවැති අතර එහිදී සිම්බාබ්වේ විද්‍ය සහ තාක්ෂණ පිළිබඳ ජාතික විශ්ව විද්‍යාලයට එරෙහිව ලකුණු 140 ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශයේ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාලයත්, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි හැරියට් වොට් විශ්ව විද්‍යාලය කඩුලු 6 කින් පරාජය කිරීමට පාකිස්තානයේ කරච්චි විශ්ව විද්‍යාලයත් සමත්විය.
බංග්ලාදේශයේ ලිබරල් ආර්ට් විශ්ව විද්‍යාලය වෙනුවෙන් සබිට් හුසේන් පන්දු 45 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 89 ක් රැස්කළ අතර අංජුම් අහ්මඞ් ලකුණු 9 කට කඩුලු 3 ක් සහ අරිෆුල් රහ්මන් ලකුණු 10 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
චිරාග් සූරී (53) සහ රෝහිත් ජම්වාල් (නොදැවී 62) අර්ධ ශතක ලබාගනිමින් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි හැරියට් වොට් විශ්ව විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මෙහෙදි අසාරියා කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ඉන්දියාවට කඩුලු 7 ක ජයක්
ශ්‍රී ලංකාව - ඕවර 17.5 කදී සියලුදෙනා දැවී 105
(මලිඳු මදුරංග 32, දිනුක් වික්‍රමනායක 32, රොහාන් ඩම්ලේ 10/4, දිව්‍යාංග් හින්ගේකාර් 13/2)
ඉන්දියාව - ඕවර 14.2 කදී කඩුලු 3 ක් දැවී 106
(ශුභාම් නාගවාඞ් 25, මුර්ටාසා ශබීර් නොදැවී 46, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 34/3)
බංග්ලාදේශයට ලකුණු 140 ක ජයක්
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 218
(යාසින් අර්ෆත් 42, සබිට් හුසේන් 89, මරාජ් නිලෝයී 20, ශෆිඋල් ඉස්ලාම් නොදැවී 23, බිල් කවම්බානා 32/2, සින්ගයේ ලෝන්ග්වා 35/2)
සිම්බාබ්වේ - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 78
(බිල් කවම්බානා 26, අංජුම් අහ්මඞ් 9/3, ශරිෆුල් ඉස්ලාම් 06/2, අරිෆුල් රහ්මන් 10/2)
පාකිස්තානයට කඩුලු 4 ක ජයක්
එක්සත් අරාබී එමීර් රාජ්‍යය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 179
(චිරාග් සූරී 53, ඉමාඞ් මුෂ්ටාක් 37, රෝහිත් ජම්වාල් නොදැවී 62, මොහොමඞ් අලී 22/3)
පාකිස්තානය - ඕවර 19 කදී කඩුලු 6 ක් දැවී 180
(අර්සලන් ෆර්සාන්ඞ් 31, කුරාම් ශාසාඞ් 41, සුලේමාන් ඝානී නොදැවී 30, මුහම්මඞ් අසාද් 20, මෙහෙදි අසාරියා 26/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.