Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැරලිම්පික් ශූරයන්ට මුදල් ත්‍යාග

පැරලිම්පික් ශූරයන්ට මුදල් ත්‍යාග

editorial - 2021 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැති පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනාගත් ක්‍රීඩකයන්ට උපහාර දැක්වීමේ උත්සවයක් අද (11 වැනිදා) පස්වරුවේදී ක්‍රීඩා අමාත්‍යංශයට අයත් ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. එහිදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පැරලිම්පික් පදක්කම් දිනාගත් ක්‍රීඩකයන්ට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට පොරොන්දු වූ ත්‍යාග මුදල් ප්‍රදානය කරන ලදි.

රන් පදක්කමක් දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට රුපියල් කෝටි 5 ක මුදල් ත්‍යාගයක් හිමිවූ අතර ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි 2 ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණ.

 


- ඡායාරූප - ක්‍රීඩා අමාත්‍යංශයේ අනුග්‍රහයෙනි

- 213


අදහස් (0)

පැරලිම්පික් ශූරයන්ට මුදල් ත්‍යාග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.