ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ වූෂූ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 60 (පිරිමි) බර පංතියේ සන්ධා අංශයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ පැතුම් බලවර්ධන සමත් විය.
එම බර පංතිය යටතේ අද (20 වැනිදා) පැවැති සන්ධා අංශයේ තරගයකදී වට 2-0 ක් ලෙස ලාඕසයේ ලැට්සපාවෝ නෞකිත් පරාජය කරමින් පැතුම් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.
හෙට (21 වැනිදා) පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයකදී වියට්නාමයේ වැනියි න්ගියෑම්ට එරෙහිව ඔහු තරග බිමට පිවිසීමට නියමිතය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.