Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තානු කාන්තා ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේ

පාකිස්තානු කාන්තා ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේ

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරග සංචාරයක නිරතවීම සඳහා පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම මාර්තු මස 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මාර්තු මස 20 වැනිදා ආරම්භ වන එම තරගාවලිය 31 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි එක්දින තරග 3 රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. විස්සයි20 තරග 2 ක් එස්.එස්.සී ක්‍රීඩාංගණයේදීද, ඉතිරි විස්සයි20 තරගය එන්.සී.සී. ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය.

තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සහ පාකිස්තාන සංචිත ඉදිරියේදී නම් කිරීමට නියමිතය.


තරග කාල සටහන

1 වැනි එක්දින තරගය - 20 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී
2 වැනි එක්දින තරගය - 22 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී
3 වැනි එක්දින තරගය - 24 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී
1 වැනි විස්සයි20 තරගය - 28 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
2 වැනි විස්සයි20 තරගය - 30 වැනිදා එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
3 වැනි විස්සයි20 තරගය - 31 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී


- 036

 


අදහස් (0)

පාකිස්තානු කාන්තා ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.