ලබන මස පළමු සතියේ සිට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සූදානමින් සිටි පාකිස්තානු යොවුන් පිලේ සංචාරයට දින නියමයකින් තොරව කල්දමා තිබේ. මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින අස්ථාවර ආරක්‍ෂක තත්ත්වය ඊට හේතුවයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ ඉහළ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු ඒ බව තහවුරු කර සිටියේය. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාකිස්තානය විමසිල්ලෙන් සිටියද ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම කිසිවිටෙක ප්‍රතික්ෂේප කර නැත.
“ඒ ගොල්ලන් එන්න බෑ කියන්නේ නෑ. අපේ ආරක්‍ෂක අංශ වල උපදෙස් අනුව ආරක්‍ෂාව සහතික කිරීමයි ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ....කොහොම වුණත් මේ තරගාවලිය ජූනි මාසයට කල්දාන්න බෑ...මොකද ඒ ගොල්ලන්ට ඒ වෙනකොට වෙනත් තරගාවලියක් තියෙන නිසා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියා පවසා සිටියේය.
වාර්තාවන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්‍ෂක උපදේශකවරුන්ගේ මතය වන්නේ මෙම අවස්ථාවේදී යොවුන් කණ්ඩායම් දෙකක් අතර හෝ අන්තර්ජාතික තරගවලියක් පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් ශ්‍රී ලංකාවේ නැති බවයි.
මැයි මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය සිව්දින තරග දෙකකින් සහ එක්දින තරග 3 කින් සමන්විතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.