Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රවීනයන්ගේ බැඞ්මින්ටන් තරගාවලිය 26දා ඇරඹේ

ප්‍රවීනයන්ගේ බැඞ්මින්ටන් තරගාවලිය 26දා ඇරඹේ

Nisanka Sandeepani - 2018 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිලෝන් බැඞ්මින්ටන් සංගමය පළමු වරට සංවිධානය කරන ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට අයැදුම්පත් බාරගැනීම මේ මස 15 වැනිදායින් අවසන් වේ. 

මේ වනවිට ශ්‍රී ලංකාවද ඇතුළුව ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, චීනය, තායිවානය, ඕස්ට්‍රේලියාව, නේපාලය, නවසීලන්තය, ඉන්දුනීසියාව, හොංකොං වැනි රටවලින් තරගාවලිය සඳහා අයැදුම්පත් සියයකට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබේ. 

තරගාවලිය ඉදිරිපත්වීමට අවශ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටhttps://ceylonmaters.com/index.php/online-registration-portal/ යන වෙබ් අඩවිය ඔස්සේ හෝ අංක 284, වොක්ෂෝල් වීදිය, කොළඹ 2 යන ලිපිනයෙන් අයැදුම්පත් ලබාගත හැකිය. තරගාවලියට ඇතුළත්වීමේ ගාස්තුව එක් තරග ඉසව්වක් සඳහා තරගකරුවකුට ඇමෙරිකානු ඩොලර් 25 ක් බැගින් වේ. 

මෙම තරගාවලියේදී අවුරුදු 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ, 50 න් ඉහළ, 55 න් ඉහළ, 60 න් ඉහළ, 65 න් ඉහළ, 70 න් ඉහළ සහ 75 න් ඉහළ යන වයස් කාණ්ඩ යටතේ පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ලෙස තරග පැවැත්වේ. 

සෑම ඉසව්වකම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රන් පදක්කම්ද, අනු ශූරයන්ට රිදී පදක්කම්ද අවසන් පූර්ව තරගයට එක්වන තරගකරුවන්ට ලෝකඩ පදක්කම්ද පිරිනැමීමට නියමිතය. ඇමෙරිකානු ඩොලර් 7,500 ක මුදල් ත්‍යාග සෑම තරග ඉසව්වකම ජයග්‍රාහකයා සහ අනුශූරයා අතර බෙදා දීමට සංවිධායන් කටයුතු යොදා තිබේ. 

ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නීතිරීති හා කොන්දේසි වලට අනුව තරගාවලිය පැවැත්වෙන අතර ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් එය මෙහෙයවනු ලබති. ඕනෑම ක්‍රීඩකයකුට සහභාගි විය හැකි උපරිම තරග ඉසව් ප්‍රමාණය 3 ක් වන අතර ලකුණු ලබාදීමේ ක්‍රමවේදය පදනම් කරගනු ලබන්නේ තරග 3 න් හොඳම තරගයේ ලකුණු වලට අනුවය. 

මොබිල්, 3එම්, වික්ටර් සහ හිල්ඩිව්, රොවින් ඇඞ්ස් යන සමාගම් සහ ආයතන තරගාවලිය
 අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි. 011-2332375 හෝ 077-7996699 යන දුරකතන අංක ඔස්සේ තරගාවලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. 

 


අදහස් (0)

ප්‍රවීනයන්ගේ බැඞ්මින්ටන් තරගාවලිය 26දා ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.