Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රංශය - රුසියාව අවසන් මහ තරගයට

ප්‍රංශය - රුසියාව අවසන් මහ තරගයට

editorial - 2021 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ වොලිබෝල් (පිරිමි) අවසන් මහ තරගයට  සුදුසුකම් ලබාගැනීමට ප්‍රංශය සහ රුසියානු ඔලිම්පික් කමිටු කණ්ඩායම් සමත් ව සිටිති. රන් සහ රිදී පදක්කම් වෙනුවෙන් පැවැත්වෙන අවසන් මහ තරගය හෙට (7 වැනිදා) පැවැත්වීමට නියමිතය.

පළමු අවසන් පූර්ව තරගයේදී බ්‍රසීලයට එරෙහිව වට 3-1 ක ජයක් වාර්තා කරමින් රුසියානු ඔලිම්පික් කමිටු කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ප්‍රංශය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ආර්ජන්ටිනාවට එරෙහිව වට 3-0 ක ජයක් වාර්තා කරමිනි.

අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව අතර එම ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැත්වෙන තරගයද හෙට ‍පැවැත්වෙනු ඇත.


අර්ධ අවසන් පූර්ව වටයේ තරග ප්‍රතිඵල
රුසියානු ඔලිම්පික් කමිටු කණ්ඩායම විසින් වට 3-0 ක් ලෙස කැනඩාව පරාජය කරන ලදි.
ප්‍රංශය විසින් වට 3-2 ක් ලෙස පෝලන්තය පරාජය කරන ලදි.
බ්‍රසීලය විසින වට 3-0 ක් ලෙස ජපානය පරාජය කරන ලදි.
ආර්ජන්ටිනාව විසින් වට 3-2 ක් ලෙස ඉතාලිය පරාජය කරන ලදි.


-036

 


අදහස් (0)

ප්‍රංශය - රුසියාව අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.