Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු තරගයට ශ්‍රී ලංකාව - ඉන්දියාව

පළමු තරගයට ශ්‍රී ලංකාව - ඉන්දියාව

Nisanka Sandeepani - 2018 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ‘නිදහස් කුසලාන’ විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව මාර්තු මස 6 වැනිදා තරග බිමට පිවිසීමට නියමිතය. 

තරගාවලියේ මූලික වටයේදී කණ්ඩායම් තුනම සෙසු කණ්ඩායම් සමගින් තරග 2 ක බැගින් ක්‍රීඩා කරන අතර එහිදී වැඩිම ජයග්‍රහණයන් අත්කරගන්නා කණ්ඩායම් 2 අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නියමිතය. අවසන් මහ තරගය පැවැත්වෙන්නේ ලබන 18 වැනිදාය. 

තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දීය සහ බංග්ලාදේශ කණ්ඩායම් මාර්තු මස 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඊට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී නම් කිරීමට නියමිතය. 

තරගාවලියේ සියලුම තරග පස්වරු 7.00 සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ. 

තරගාවලියේ කාලසටහන 

මාර්තු 6 වැනිදා - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 
මාර්තු 8 වැනිදා - බංග්ලාදේශය සහ ඉන්දියාව අතර 
මාර්තු 10 වැනිදා - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 
මාර්තු 12 වැනිදා - ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 
මාර්තු 14 වැනිදා - ඉන්දියාව සහ බංග්ලාදේශය අතර 
මාර්තු 16 වැනිදා - බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර 
මාර්තු 18 වැනිදා - අවසන් මහ තරගය 

-036 


අදහස් (0)

පළමු තරගයට ශ්‍රී ලංකාව - ඉන්දියාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.