Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පසිඳුගෙන් ශතකයක්

පසිඳුගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පසිඳු සූරියබණ්ඩාර (134) ශතකය හමුවේ වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (13 වැනිදා) පැවැති තරගයකදී නැගෙනහිර පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 275 ක ජයක් ලබාගැනීමට බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම සමත්විය. මෙම තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පසිඳු සූරියබණ්ඩාර (134) ශතකයක්ද සොනාල් දිනූෂ (71) සහ කමිල් මිශාර (52) අර්ධ ශතක රැස්කරමින් බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර කළන පෙරේරා ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


බස්නාහිර (මධ්‍යම) - ඕවර 47 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 321
(පසිඳු සූරියබණ්ඩාර 134, සොනාල් දිනූෂ 71, කමිල් මිශාර 52, සංතුෂ් ගුණතිලක 25, සිතාර හපුයින්න 22, තේව දිලක්ෂන් 44/2)

නැගෙනහිර පළාත - ඕවර 18.1 කදී සියලුදෙනා දැවී ලකුණු 46
(පසිඳු දිල්හාර 21, කළන පෙරේරා 19/4, ලක්ෂිත රසාංජන 04/2, චමිඳු විජේසිංහ 13/2)

 


අදහස් (0)

පසිඳුගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.