Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පදක්කමක බලාපොරොත්තුවක්

පදක්කමක බලාපොරොත්තුවක්

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන සිවුදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වෙඩිතැබීමේ කණ්ඩායම මේ මස 4 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. 

එහිදී මීටර් 10 වායු පිස්තෝල ඉසව්වට සහ මීටර් 50 පිස්තෝල ඉසව්වට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින සුරංග ප්‍රනාන්දු, වෙඩිතැබීමේ ක්‍රීඩාවෙන් පදක්කමක් බලාපොරෙත්තු විය හැකි දස්කම් පෙන්වා තිබේ.  

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මීටර් 10 වායු පිස්තෝල ඉසව්වේදී ලකුණු 576 ක් ලබාගැනීමට සුරංග සමත් විය. අවසන් වරට ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඉන්දීය ක්‍රීඩක පී.නන්ජප්පා ලකුණු 580 ක් රැස්කළ අතර රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩකයන් පිළිවෙලින් ලකුණු 578 ක් සහ 574 ක් බැගින් රැස්කළහ. 

උපුල් විජේරත්න සහ සඳුනි පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වන අතර ඔවුන් දෙදෙනා පිළිවෙළින් මීටර් 10 පිස්තෝල ඉසව්වට සහ මීටර් 10 වායු පිස්තෝල ඉසව්වට සහභාගි වීමට නියමිතය. ප්‍රදීප් එදිරිසිංහ මහතා කළමනාකරු ලෙස කණ්ඩායමට එක්ව සිටියි. 

තරගාවලියට සහභාගි වන වෙඩිතැබීමේ කණ්ඩායමට පුහුණුකරුවෙක් ඇතුළත්ව නොමැති අතර සුරංග ප්‍රනාන්දුගේ පුහුණුකරු කණ්ඩායමට ඇතුළත් කරන ලෙස ජාතික වෙඩිතැබීමේ ක්‍රීඩා සම්මේලනය කරන ලද ඉල්ලීමද ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ප්‍රතික්ෂේප කර තිබේ. 

“සුරංග ප්‍රනාන්දුට මීටර 10 වායු පිස්තෝල ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට වැඩි ඉඩක් තියෙනවා. නමුත් එහිදී ඔහුට පුහුණුකරුවකුගේ සහාය ලබාගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණක්. යැයි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෙඩිතැබීමේ ක්‍රීඩා සම්මේලනයේ සභාපති ශිරන්ත පීරිස් මහතා පැවසීය. 

වෙඩිතැබීමේ කණ්ඩායම 
සුරංග ප්‍රනාන්දු, උපුල් විජේරත්න, සඳුනි පෙරේරා සහ ප්‍රදීප් එදිරිසිංහ මහතා (කළමනාකරු) 

 - 036


අදහස් (0)

පදක්කමක බලාපොරොත්තුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.