Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විසි එක්වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මේසපන්දු ඉසව්වේ පිරිමි යුගල මූලික වටයේ තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිර්මල ජයසිංහ සහ උදය රණසිංහ එහි දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ.
දෙවැනි වටයේදී ඔවුන් දෙදෙනා සහභාගිවන තරගය ඉන්දියාවේ අචන්ටා ශරත්ට සහ සතියන් ගුණසේකරන්ට එරෙහිව හෙට (11 වැනිදා) පැවැත්වේ.
අද පැවැති මිශ්‍ර යුගල මූලික වටයේ තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම් 3 න් 2 ක්ම දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර දෙවැනි වටයේදී එම කණ්ඩායම් දෙකම ඉන්දීය කණ්ඩායම් හමුවේ පරාජයට පත්වූහ. පිරිමි සහ කාන්තා කේවල මූලික තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සියලු දෙනා එහිදී පරාජයට පත්වූහ.
පිරිමි යුගල මූලික වටය
නිර්මල ජයසිංහ සහ උදය රණසිංහ (ශ්‍රී ලංකාව) විසින් වට 3-1 ක් ලෙස ටලසෝ මසවුද් සහ ටුමයිනි අමෝනි (ටැන්සානියාව) පරාජය කරන ලදි. (10/12, 11/4, 11/6, 9/11, 5/11, 11/9, 11/9)
පිරිමි කේවල මූලික වටය
ඇන්ටෝයින් බර්නඩෙට් (කැනඩාව) විසින් වට 4-1 ක් ලෙස රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/9, 6/11, 11/9, 11/3, 11/9)
පිරිමි කේවල දෙවැනි වටය
ගැවින් රුම්ගේ (ස්කොට්ලන්තය) විසින් වට 4-0 ක් ලෙස නිර්මල ජයසිංහ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/5, 11/4, 11/3, 11/3)
කාන්තා කේවල මූලික වටය
ටින් ටින් හෝ (එංගලන්තය) විසින් වට 4-0 ක් ලෙස හංසනී පියුමිලා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (11/8, 12/10, 11/2, 11/5)
මිශ්‍ර යුගල මූලික වටය
චූන්ග් ජාවෙන් සහ ලයින් කරීන් (මැලේසියාව) විසින් වට 3-0 ක් ලෙස උදය රණසිංහ සහ හංසනී පියුමිලා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (12/10, 11/2, 13/11)
රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) විසින් වට 3-1 ක් ලෙස ටලසෝ මසවුද් සහ පාසි ෆතාලියා (ටැන්සානියාව) පරාජය කරන ලදහ. (9/11, 11/4, 11/9, 11/5)
නිර්මල ජයසිංහ සහ එරන්දි වරුසවිතාන (ශ්‍රී ලංකාව) විසින් වට 3-2 ක් ලෙස බි්‍රයන් ඩුන්ඩා සහ තාක්කර් සජීල් (කෙන්යාව) පරාජය කරන ලදහ. (12/10, 9/11, 11/2, 7/11, 11/9)
මිශ්‍ර යුගල දෙවැනි වටය
අචන්ටා ශරත් සහ දාස් මොවුමා (ඉන්දියාව) විසින් වට 3-1 ක් ලෙස රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (11/6, 4/11, 11/9, 11/5)
සනිල් ශංකර් සහ මධුරිකා පට්කර් (ඉන්දියාව)විසින් වට 3-0 ක් ලෙස නිර්මල ජයසිංහ සහ එරන්දි වරුසවිතාන (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදහ. (11/5, 11/8, 11/5)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.