Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිළියන්දල මැදි විදුහල ඉදිරියෙන්

පිළියන්දල මැදි විදුහල ඉදිරියෙන්

රොෂාන් ගුණරත්න - 2018 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර 17 වැනි වරටත් පැවැත්වෙන ‘සල්පිටි රයිගම් කෝරළ’ හටන මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී මේ මස 23 සහ 24 දෙදින පැවැත්වේ.


මෙවර පැවැත්වෙන 17 වැනි සල්පිටි රයිගම් කෝරළ සංග්‍රාමයේදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හේෂාන් මධුශංකට හිමිවී ඇති අතර හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සඳුන් රංගට බාරකර තිබේ. 


මෙ වසරේදී කණ්ඩායම් දෙකේම පාසල් තරග වාර්තාව ගෙන බලද්දී පිළියන්දළ මැදි විදුහල ඉදිරියෙන් සිටින බව පැහැදිළිය පෙනෙන කාරණාවකි. මෙවර පාසල් ක්‍රිකට් වාරයේදී පිළියන්දල මැදි විදුහල තරග 3 ක් ජයගනිද්දී තක්ෂිලා විදුහල ජයගෙන ඇත්තේ තරගයක් පමණි. පිළියන්දල මැදි විදහල පරාජය වී ඇත්තේ තරග දෙකක් පමණක් වූවත් හොරණ තක්ෂිලා විදුහල තරග 7 ක් පරාජය වී තිබේ. 


දෙවිදුහල් අතර මේ දක්වා වාර්ෂික මහ ක්‍රිකට් තරග 17 ක් පවත්වා තිබේ. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය තරග 3 ක් ජයගෙන ඇත. හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට මේ දක්වා එකම  තරගයක් හෝ ජයගැනීමට අවස්ථාව හිමිනොවීය. විවිධ හේතූන් මත 2012 වසරේදී සල්පිටි රයිගම් කෝරළ සංග්‍රාමය පැවැත්වීමට නොහැකිවී ඇත.

තිළිණ දසුන්ගේ නායකත්වය යටතේ 2005 දීත් චානක රුවන්සිරිගේ නායකත්වය යටතේ 2009 දීත් ප්‍රමුදිත පියුමාල්ගේ නායකත්වය යටතේ 2010 වසරේදීත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජයගැනීමට සමත්විය. 


පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය මේ වනවිට මෙම තරග වාරයේ තරග 10 කට සහභාගි වෙමින් කැළණිය ධර්මාලෝක විද්‍යාලය, පාදුක්ක පියරතන විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය යන විද්‍යාලයන්ට එරෙහිව පූර්ණ ජයග්‍රහණ වාර්තා කර ඇත. ඊට අමතරව පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් හිමිකරගෙන ඇති පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය තරග දෙකක් පරාජය වී ඇති අතර තරගයක් විසදුමකින් තොරව අවසන් කරගෙන ඇත. 


චමෝද් සඳරු ලකුණු 576 ක් රැස්කරමින් මෙවර තරග වාරයේදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. මල්ෂාන් ගුණතිලක ලකුණු 467 ක් රැස්කරමින් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් අතර ඉහළින්ම සිටින ක්‍රීඩකයෙකි.


පන්දුවෙන් දස්කම් දැක්වූ නායක හේෂාන් මධුෂංක කඩුලු 67 ක් දවාගනිමින් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් මෙවර තරගාවලියේදී වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා මෙන්ම වයස 19 න් පහළ තරගාවලියේ දෙවැනි කොටසේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නාද වන්නේය.


හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය මෙම තරග වාරයේ තරග 12 කට ක්‍රීඩාකර කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයට එරෙහිව පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කර ඇත. ඊට අමතරව පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිමේ පරාජයන් දෙකකට මුහුණ දී ඇති අතර තරග 7 ක් පරාජය වී තිබේ. තරගයක් විසදුමකින් තොරව අවසන්වී ඇත.


සසිඳු ජනෙත් ලකුණු 560 ක් රැස්කරමින් මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේදී හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වී ඇත. විටින් විට අබාධයන්ට ගොදුරුවිම හේතුවෙන් තරග 8 කට පමණක් ක්‍රීඩාකළ හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායමේ නායක සඳුන් රංග ලකුණු 352 ක් ලබා තිබේ. 


තිළිණ තරිඳු කඩුලු 26 ක් සහ තිසර සචින්ත කඩුලු 22 ක් දවාගනිමින් හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් මෙවර පාසල් තරගාවලියේදී පන්දුවෙන් දස්කම් දැක්වූ පන්දු යවන්නෝ වූහ.


මෙම විදුහල් දෙක අතර සීමිත ඕවර තරග 3 ක් මේ දක්වා පවත්වා ඇති අතර තරග තුනේම ජයග්‍රහණය හිමිකර ගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සමත්වී ඇත. මේ වසරේ එක්දින ක්‍රිකට් තරගය මේ මස 25 වැනිදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

 

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම:

ඉදිරි පෙළ වමේ සිට: රුචිර අධිකාරී, චමෝද් සඳරු, හේෂාන් මධුශංක (නායක), හර්ෂණ ප්‍රමෝද් මහතා (සහය පුහුණුකරු), එරංග ගුණරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු), දර්ශණ උඩවත්තගේ මහතා (විදුහල්පති), අරුණ ලියනගේ මහතා (ක්‍රීඩාභාර ආචාර්ය), විනෝෂ් පෙරේරා මහතා (සහය පුහුණුකරු), කුෂාන් සෙනුර (උපනායක), මල්ෂාන් ගුණතිලක, පසිඳු අවිෂ්ක

දෙවැනි පෙළ වමේ සිට: සුධීර ඒකනායක, සඳුන් සත්සර, රුසිරු අංජන, මෙනුර මුත්සඳ, මාධව නිමේෂ්, තරූෂ රංසර, සිතුම් නිම්ලක, සසංක ලක්ෂාන්, ලෂාන් වගීෂ, දනිඳු හිරුමාල්

පසු පෙල වමේ සිට: ලක්ෂිත කුලරත්න, හේසර දිල්කිත්, ගයාෂාන් චතුරංග, ජමිත් දිල්ෂාන්, රමෝද්‍ය ශ්‍රී රවිශ්ක, උෂාන් දීමන්ත, අචින්ත අලංකාර, මොවින් පේසර

 

හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම:

ඉදිරි පෙළ වමේ සිට: සසංක අදීප, කසුන් උදයංග, චමිඳු රංවිනූ, සඳුන් රංග (නායක), කමල් සුජීව මහතා (ප්‍රධාන පුහුණුකරු සහ ක්‍රීඩාභාර ආචාර්ය), කේ.කේ.පී.එම්. ජයතිලක මිය (විදුහල්පතිණිය), උපාලි කළුබෝවිල මහතා (සහකාර විදුහල්පති - ක්‍රීඩා), ගාවින්ද බස්නායක (සහය පුහුණුකරු), තිළිණ තරිඳු (උපනායක), සෙනෙත් වින්විමු, සංක ප්‍රභාත්, ගීෂාන් ගිම්හාන

පසු පෙල වමේ සිට: ගිහාන් මධුභාෂ්, මලිත් කෞෂල්‍ය, විදුශාන් යසින්ත, එරංග ජයකොඩි, කල්හාර මුදුන්පිටගේ, තරූෂ ලක්ෂ්මන්, රසිත සම්පත්, කවිශ්ක ලක්ෂාන්, සසඳු ජනෙත්, උමේෂ් ප්‍රසාද්, තිසර සචින්ත.


අදහස් (0)

පිළියන්දල මැදි විදුහල ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.