Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිහිනුම් පුහුණු කඳවුර 24දා සිට

පිහිනුම් පුහුණු කඳවුර 24දා සිට

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔලිම්පික් පදක්කම්ලාභී ලයාම් ටැන්කොක්ගේ ප්‍රධානත්වයෙන් ජුනි 24 සිට 27 වැනිදා දක්වා කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ සහ සුගතදාස පිහිනුම් තටාකයේ සිව් දින පිහිනුම් පුහුණු කඳවුරක් පැවැත්වේ.

පිහිනුම් කඳවුර සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු සහ පුහුණූකරුවන් 11 දෙනෙකු සහභාගිවීමට නියමිතය. මේ සඳහා සිලෝන් ටුවර්ස් ලිමිටඞ් ආයතනය විසින් ප්‍රථම වරට අනුග්‍රහය දක්වනු ලැබේ.

මේ වනවිට දිවයිනට පැමිණ සිටින ලයාම් ටැන්කොක් මීටර 50 පසුපසආර ඉසව්වේන් දෙවතාවක් ඔලිම්පික් ශූරයා බවට පත්විය. වත්මන් ලෝක වාර්තාවට හිමිකම් කියන ටැන්කොක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ රන් පදක්කම් හතරකටද හිමිකම් කියයි.

විදෙස් රටවල ප්‍රවීණයන් කැඳවා ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැලී සිටින තරුණ තරුණියන්ගේ දක්ෂතා ඉදිරියට ගැනීමටත්, ඔවුන්ට අවශ්‍ය ඒ මගපෙන්වීම ලබාදීමට කටයුතු කරන බවත්,  සිලෝන් ටුවර්ස් ලිමිටඞ් ආයතනයේ මූල්‍ය සභාපති අරෝෂ් එදිරිවීර මහතා පැවසීය.

 

- 092


අදහස් (0)

පිහිනුම් පුහුණු කඳවුර 24දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.