Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිතිෂ් රානා කණ්ඩායමට එක්වෙයි

නිතිෂ් රානා කණ්ඩායමට එක්වෙයි

editorial - 2021 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසය වැළඳී ඇතැයි හුදෙකලා වී සිටි කොල්කටා නයිට් රයිඩර්ස් පිතිකරු නිතිෂ් රානා සිකුරාදා පැවති පුහුණු සැසිවාරයේදී සිය කණ්ඩායමේ සාමාජිකයින් සමඟ එක්විය. ඔහුගේ කොවිඩ් -19 පරීක්‍ෂණ වාර්තාව පිට පිටම දෙවැනි දිනයටත් සෘණාත්මක වීම හේතුවෙන් ඔහුට කණ්ඩායම සමගින් එක්වීමට අවසර දී තිබේ.

27 හැවිරිදි රානා මුම්බායි වෙත පැමිණ දිනයකට පසුව, එනම් මාර්තු 22 වැනිදා කළ පරීක්‍ෂණයකදී කොරෝනා වැළඳී ඇතැයි තහවුරු විය. ඒ හේතුවෙන් ඔහු දින 12 ක නිරෝධායනයක නිරත විය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියමයන් අනුගමනය කරමින් රානා දින 12 ක් ඔහුගේ කාමරයේ හුදෙකළාවම සිටියේය. 11 වැනි සහ 12 වැනි දිනවලදී ඔහුගේ පරීක්‍ෂණ ප්‍රතිඵළ සෘණාත්මක වීම හේතුවෙන් කණ්ඩායම හා එක්වීමට ඔහුට අවසර ලැබිණ.

“අවසානයේදී මා දැන් එළියට ආවා....”

“අද මගේ පුහුණුවීම්වල පළමු දිනයයි. මම තරමක් පන්දුවට පහර දුන්නා. මගේ කණ්ඩායමේ සාමාජිකයන් සමඟ එක්වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා” යයි රානා සිය කණ්ඩායම් සගයින් සමග කළ වීඩියෝවකින් පැවසීය.

“කරුණාකර පූර්වාරක්ෂාව තරකර ගන්න. මේ කාරණය සැහැල්ලුවට ගන්න එපා. ඊළඟට කුමක් සිදුවේදැයි ඔබ දන්නේ නෑ... එබැවින් කරුණාකර ඔබ සහ ඔබගේ පවුල ගැන බලාගන්න. ආරක්ෂිතව සිටින්න” යයිද නිතිෂ් රානා වැඩිදුරටත් පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2020 අයි.පී.එල්. තරගාවලියේදී රානා තරග 14 කදී ලකුණු 352 ක් රැස් කළේය.

මෑතකදී අවසන් වූ විජේ හසාරේ කුසලාන එක්දින තරගයේදී දිල්ලි කණ්ඩායම වෙනුවෙන්  වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූ රානා තරග 7 කදී ලකුණු 398 ක් ලබා ගනිමින් 66.33 ක සාමාන්‍යයක් රඳවා ගත්තේය.


- 213


අදහස් (0)

නිතිෂ් රානා කණ්ඩායමට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.