අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.
එහිදී නාලන්දා විදුහලේ අවිශ්ක පෙරේරා පළමු ඉනිමේදී ලකුණු 75 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 114 ක්ද රැස්කරමින් විශිෂ්ඨ පිතිහරඹයක නිරත විය. එම විදුහලේම ලක්ෂිත පුරසිංහ ලකුණු 43 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 55 සියලු දෙනා දැවී 174
(අවිශ්ක පෙරේරා 75, රවීන් ද සිල්වා නොදැවී 32, මහීම වීරකෝන් 24, ලක්ෂිත පුරසිංහ 43/5, පසිඳු දිමුදිත 31/3)
ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 72 කදී සියලු දෙනා දැවී 154
(ෂෙවෝන් නදීජ නොදැවී 41, ලක්ෂිත පුරසිංහ 32, ප්‍රවීන් කුමාරප්පෙරුම 21, විහඟ ගුණරත්න 21, චමෝද්‍ය රාජපක්ෂ 29/3, ජිතේෂ් වාසල 24/2, දිනෙත් සමරවීර 27/2)
නාලන්දා විදුහල් දෙවෙනි ඉනිම - ඕවර 51 කදී 8ක් දැවී 222
(අවිශ්ක පෙරේරා 114, රෂාන් දිසානායක 47, චනුල් අතුකෝරළ 20, විහඟ ගුණරත්න 39/5)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.