පිං පොං මේසපන්දු විද්‍යායතනය සංවිධානය කළ සමස්ත ලංකා අතර මැදි සහ ආධුනික මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විදුහලේ ලිතුම් කරුණාසේනද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ නඳුනි අබේගුණරත්නද සම්මාන දිනාගත්හ.
|
|
වයස 15 න් පහළ බාලක ඉසව්වේ අනු ශූරතාව හිමි කරගත් ලිතුම්, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූයේ වයස 18 න් පහළ බාලක ඉසව්වේ ශූරතාව දිනාගනිමිනි. වයස 15 න් පහළ බාලිකා සහ වයස 18 න් පහළ බාලිකා යන ඉසව් දෙකේම ශූරතා තමන් සතුකර ගනිමින් නඳුනි අබේරත්න තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූවාය.
අතර මැදි පිරිමි අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස තෝලංගමුව ඩඞ්ලි සේනානායක විදුහලේ චමුදිත දිල්රුක් පරාජය කිරීමට එම විදුහලේම දිනසර බණ්ඩාර සමත් විය. අතර මැදි කාන්තා අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස මහනුවර මහාමායා බාලිකා විදුහලේ මන්දිනි මොහොට්ටිආරච්චි හමුවේ මහනුවර යහපත් එfඬ්රාගේ කන්‍යාරාමයේ ජයනි හේරත් පරජයට පත් වූවාය.
අනුරාධපුර ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගී වූහ.
තරග ප්‍රතිඵල
■ අතර මැදි පිරිමි කේවල
දිනසර බණ්ඩාර (තෝලංගමුව ඩඞ්ලි සේනානායක විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස චමුදිත දිල්රුක් (තෝලංගමුව ඩඞ්ලි සේනානායක විදුහල) පරාජය කරන ලදි. (11/5, 9/11, 11/8)
■ අතර මැදි කාන්තා කේවල
මන්දිනි මොහොට්ටිආරච්චි (මහනුවර මහාමායා බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ජයනි හේරත් (මහනුවර යහපත් එෙඬ්රාගේ කන්‍යාරාමය) පරාජය කරන ලදි. (11/8, 11/8)
■ ආධුනික පිරිමි කේවල
චමුදිත දිල්රුක් (තෝලංගමුව ඩඞ්ලි සේනානායක විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස දිනසර බණ්ඩාර (තෝලංගමුව ඩඞ්ලි සේනානායක විදුහල) පරාජය කරන ලදි. (11/7, 8/11, 11/7)
|
නඳුනි අබේගුණරත්න |
■ ආධුනික කාන්තා කේවල
ජයනි හේරත් (මහනුවර යහපත් එfඬ්රාගේ කන්‍යාරාමය) විසින් තරග වට 2-0 ක් ලෙස මන්දිනි මොහොට්ටිආරච්චි (මහනුවර මහාමායා බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/5, 11/4)
■ වයස 21 න් පහළ පිරිමි කේවල
මනෙත් කරුණාසේන (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සලුක මතීෂ (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/3, 11/9)
■ වයස 21 න් පහළ කාන්තා කේවල
මෙම ඉසව්ව නොපැවැත්විණ.
■ වයස 18 න් පහළ පිරිමි කේවල
ලිතුම් කරුණාසේන (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස එම්.ජී.කේ. ප්‍රියෂාන් (මහනුවර චන්ද්‍රානන්ද බෞද්ධ පාසල) පරාජය කරන ලදි. (14/12, 11/9)
■ වයස 18 න් පහළ කාන්තා කේවල
නඳුනි අබේගුණරත්න (මහනුවර යහපත් එfඬ්රාගේ කන්‍යාරාමය) විසින් තරග වට 2-1 ක් ලෙස හෂිනි ඉකිරිවත්ත (මහනුවර මහාමායා බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/9, 9/11, 14/12)
■ වයස 15 න් පහළ පිරිමි කේවල
දිරාන් හාමර් (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ලිතුම් කරුණාසේන (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/7, 11/9)
■ වයස 15 න් පහළ කාන්තා කේවල
නඳුනි අබේගුණරත්න (මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමය) විසින් තරග වට 2-0 ක් ලෙස මන්දිනි මොහොට්ටිආරච්චි (මහනුවර මහාමායා බාලිකා විදුහල) පරාජය කරන ලදි. (12/10, 11/8)
මන්දිනි මොහොට්ටිආරච්චි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.