Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමය මෙහෙයවූ වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ක්‍රීඩා කළ මහනුවර ධර්මරාජ විදුහල් පිල විනය කඩකිරීම හේතුවෙන් මාස 9 ක තහනමක් පැනවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ බව ඊයේ (30) නිවේදනයක් නිකුත් කර තිබුණි.
රග්බි තරගවලදී පසුගිය කාලයේ සිදුවූ විනය කඩ කිරීමේ සිද්ධීන් පිළිබඳව අවධානය යොමු කර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත්කළ විශේෂ කමිටුවක් මෙම තීරණවලට එළඹි බව එම නිවේදනයේ සඳහන් වේ.
මහනුවර ධර්මරාජ විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පසුගිය ජූනි මස 18 වැනිදා පැවැති තරගයේදී ධර්මරාජ විදුහල් රග්බි පිලේ ක්‍රීඩකයන් සහ ප්‍රේක්‍ෂකයන් පිරිසක් ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයන්ට පහරදීමේ සිද්ධිය මෙම තහනමට හේතු වී තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පහත තීරණවලට එළඹ තිබේ.
● ධර්මරාජ විදුහල් වයස 20 න් පහළ රග්බි පිලට අද (ජූලි මස 01 වැනිදා) සිට වසර දෙකක පරිවාස කාලයකට යටත්ව මාස 9 ක තහනමක් පැනවීම.
● ධර්මරාජ විදුහල් රග්බි පිලේ භෞතචිකිත්සකවරයාට එම පාසලේ වසරක කාලයක් කටයුතු කිරීම තහනම් කිරීම.
● ධර්මරාජ විදුහලේ ක්‍රීඩා බාර ආචාර්යවරයාට තරගයේ අවවාද කිරීම.
● ධර්මරාජ විදුහලේ රග්බි පිලේ ප්‍රධාන පුහුණුකරු රදික හෙට්ටිආරච්චි මහතාට ධර්මරාජ විදුහලේ හෝ වෙනත් විදුහලක මින් ඉදිරියට පුහුණුකරු ලෙස කටයුතු කිරීම තහනම් කිරීම.
● ධර්මරාජ විදුහලේ රග්බි පිලේ සහාය පුහුණුකරුට අද (ජූලි මස 01 වැනිදා) සිට මාස 6 ක තහනමක් පැනවීම.
බෝගම්බර පිටියේදී ධර්මරාජ විදුහල් රග්බි පිලේ ක්‍රීඩකයන් සහ ප්‍රේක්‍ෂකයන් පහරදීම හේතුවෙන් ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයන් දෙදෙනකු බරපතල තුවාල ලැබූ අතර ඉන් එක ක්‍රීඩකයකුගේ මුඛයට කම්බි යොදා ශල්‍යකර්මයක් ද කර ඇති බව දැනගන්නට තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.