Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මරාජ විදුහල අසීරු අඩියක

ධර්මරාජ විදුහල අසීරු අඩියක

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය අතර පල්ලකැලේ ඡාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන 112 වැනි ‘කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය (16 වැනිදා) නිමාවන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ධර්මරාජ විදුහල ලකුණු 97 කට කඩුලු 6 ක් බිඳවැටී අසීරු අඩියකට පත්ව සිටියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස්වුඩ් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 166 ක් ලබාගත්තේය. එහිදී ධනංජය මදුරංග ලකුණු 42 ක්ද, දුලින් විජේනාරායන ලකුණු 40 ක්ද රැස්කරමින් කිංග්ස්වුඞ් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

හෙට තරගයේ දෙවැනි දිනයයි.


කිංග්ස්වුඞ් විදුහල් පළමු ඉනිම - ඕවර් 53 කදී සියලු දෙනා දැවී 166
(ධනංජය මදුරංග 42, දුලින් විජේනාරායන 40, ගනිදු කඹුරුගමුව 33, දුමිදු දමිශ්ක 20, හෂික ගමගේ 12, යසිත සමරරත්න 49/3, උපේන්ද්‍ර වර්නකුලසූරිය 35/2, විරාජිත ඇහලෙපොල 47/2)

ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර් 40 කදී කඩුලු 6 ක් දැවී 97
(භවන්ත උඩංගමුව 30, ඉසුරු දයානන්ද 24, සචින්ත සේනානායක 19, දුලාජ් බන්ඩාර 12,  ලක්මාල් ද සිල්වා 31/2)

 


අදහස් (0)

ධර්මරාජ විදුහල අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.