Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවපතිරාජ විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

දේවපතිරාජ විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2018 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය. රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (14 වැනිදා) පැවති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මීගමුව ශාන්ත පීතර විද්‍යාලය කඩුලු 7 කින් පරාජය කිරීමට දේවපතිරාජ විද්‍යාලයට අවස්ථාව හිමිවිය.


දෙපිලටම තරගය ඕවර 25 කට සීමාවූ අතර කාසියේ වාසිය දිනූ රත්ගම දේවපතිරාජ විද්‍යාලය පන්දුවට පහරදීම සදහා මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට ආරාධනා කළේය. ඕවර 25 අවසානයේ සියලුදෙනා දැවී ශාන්ත පීතර විද්‍යාලයට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 115 ක් පමණි.


ජයග්‍රහණය සදහා ලකුණු 116 ක ඉලක්කයක් හඹාගිය දේවපතිරාජ විද්‍යාලය ඕවර 13.1 කදී කඩුලු 3 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය. ශෙහාන් හසරංග (50) අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

 

ශා. පීතර විද්‍යාලය - ඕවර 25 කදී සියලුදෙනා දැවී ලකුණු 115
(හිරූෂ ශමෝද් 31, ජීවක සශීන් 12/2, පවන් සංදේෂ් 16/2)


දේවපතිරාජ විද්‍යාලය - ඕවර 13.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 118
(ශෙහාන් හසරංග 50, සුධීර වීරරත්න නොදැවී 20, දිනෙත් තත්සර 31/2)

 


අදහස් (0)

දේවපතිරාජ විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.