රත්ගම දේවපතිරාජ විදුහල සහ මාතර රාහුල විදුහල අතර මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගනයේ පැවති වයස අවුරුදු 19 පහල දෙවන කොටසේ සිංගර් කුසලාන අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් රත්ගම දේවපතිරාජ විදුහල් කණ්ඩායම ලකුණු 67 ක ජයක් වාර්තා කිරීමට සමත්විය.
රත්ගම දේවපතිරාජ විදුහල් කණ්ඩායමේ රවීන් යසස් පළමු ඉනිමේ ලකුණු 24 කට කඩුලූ 4 ක් සහ දෙවැන ඉනිමේදී ලකුණු 9 කට කඩුලූ 4 ක් ලබාගනිමින් දැක්වූ දක්ෂතාවයත් එයට අනගි සහයක් දක්වමින් දේවපතිරාජ පන්දු බලඇනියේ පැතුම් මධුශංක ලකුණු 29 කට කඩුලූ 4 ක් දවාගැනීමත් කසුන් ලහිරු සහ සසිඳු සත්සර එක්ව ලබාගත් කඩුලූ 5 ත් තරගයේ කැපී පෙනෙන සිදුවීම් විය.
රත්ගම දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර 40.5 කදී සියලූදෙනා දැවී ලකුණු 120
(නිලන්ත රුක්ෂිත 40, සුධීර වීරරත්න 19, පසන් සංජය 21/3, ඩිෂාන් සඳරුවන් 29/3, හසිදු චානක 21/2)
මාතර රාහුල විදුහල පළමු ඉනිම - ඕවර 46.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 128
(පිරුන දශ්මින 43, සසිත් රුවන්ත 17,රවීන් යසස් 24/4,පැතුම් මධුශංක 29/4)
රත්ගම දේවපතිරාජ විදුහල දෙවන ඉනිම - ඕවර 39.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 119
(අවිශ්ක චෙනුක 37, ප‍්‍රසන්න කරුනාවංශ 25, පැතුම් මධුශංක 20,යසිරු හේවානාඳුගල 31/4, ඩිල්ශාන් සඳරුවන් 51/4, හසිඳු චානක 27/2)
මාතර රාහුල විදුහල දෙවන ඉනිම - ඕවර 20.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 44
(සසිත් රුවන්ත 14, රවීන් යසස් 9/4, කසුන් ලහිරු 23/3, සසිඳු සත්සර 8/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.