Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දඬුවම් ලැබූ හිමාෂ ජාතික වැඩසටහනට එක්වෙයි

දඬුවම් ලැබූ හිමාෂ ජාතික වැඩසටහනට එක්වෙයි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තහනම් උත්තේජක ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ මාස 09 ක දඬුවම් කාලයක් ගෙවූ මීටර 100 ධාවන ශූර හිමාෂ ඒෂාන් තහනම් උත්තේජක භාවිතය වැළක්වීම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනේ සන්නාම තානාපතිවරයකු ලෙස කටයුතු කිරීම සඳහා පත්කර ඇතැයි කී‍්‍රඩා අමාත්‍යංශය නිවේදනය කරයි. ජාතික කී‍්‍රඩා වෛද්‍ය ආයතනයේ නිර්දේශය මත මෙම පත්කිරීම කළ බව කී‍්‍රඩා අමාත්‍යංශය කියයි.

පාසල් කී‍්‍රඩකයකු වශයෙන් පසුගිය කාලයේදී හිමාෂ ඒෂාන්ට අත්වූ ඉරණම, පාසල් කී‍්‍රඩා පිටියේ සිට ජාතික තලය දක්වා කී‍්‍රඩාවේ නිරතවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අත්වීම වැළක්වීම සඳහා ජාතික කී‍්‍රඩා වෛද්‍ය ආයතනය හා තහනම් උත්තේජක වැළක්වීමේ ජාතික ආයතනය සමග එක්වී කී‍්‍රඩකයින් දැනුම්වත් කිරීමට හිමාෂ ඒෂාන් තෝරාගනු ලැබ ඇත.

තහනම් උත්තේජක භාවිතා කිරීමේ වරද මත කී‍්‍රඩා අමාත්‍යංශය විසින් 2012 නොවැම්බර් මස 11 වැනි දින සිට වසරක කී‍්‍රඩා තහනමක් හිමාෂ ඒෂාන්ට පනවා තිබූ නමුත්, වෛද්‍ය මයියා ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත් කළ අභියාචනා කමිටුව විසින් හිමාෂගේ වසරක තහනම් කාලය මාස 09 දක්වා අඩු කිරීමට 2013 ජූලි මස 30 දින තීරණය කළ බවද කී‍්‍රඩා අමාත්‍යංශය ප‍්‍රකාශ කරයි.

 


අදහස් (0)

දඬුවම් ලැබූ හිමාෂ ජාතික වැඩසටහනට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.