නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලට වසර 104 ක් පිරීම නිමිත්තෙන් එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ 82 කණ්ඩායම සංවිධානය කළ බස්නාහිර පළාත් කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බෝපිටිය ලොයෙලා විදුහලේ සිතුම් නිරංගද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ මියුසියස් විදුහලේ රනුදි මුතුකුඩාරච්චිද සම්මාන දිනාගත්හ.
වයස 15 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විදුහලේ තරින්දි තමාෂාද, වයස 18 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පිනිදි ජයසිංහද පරාජය කළ රනුදි මුතුකුඩාරච්චි, ද්විත්ව ශූරතා දිනාගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූවාය.
සිතුම් නිරංග තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූයේ වයස 18 න් පහළ බාලක අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ගම්පහ ලයිසියම් විදුහලේ නදිල් ගමගේ පරාජය කරමිනි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා බස්නාහිර පළාතේ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ.
බාලක තරග ප්‍රතිඵල
■ වයස 8 න් පහළ
පමෝද දල්පදාදු (කොළඹ ශාන්ත ජෝෂප් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සනුල විහාස් (කොළඹ නාලන්දා විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/08)
■ වයස 10 න් පහළ
කකෙරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ජනිත් බටුගෙදර (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/02)
■ වයස 12 න් පහළ
දෙව්මෙත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-1 ක් ලෙස රෙහාන් ඩිනෙල් (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/06, 09/11, 11/06)
■ වයස 15 න් පහළ
මහිත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස සනුත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/03, 11/02)
■ වයස 18 න් පහළ
සිතුම් නිරංග (බෝපිටිය ලොයෙලා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස නදිල් ගමගේ (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/07, 11/01)
බාලිකා තරග ප්‍රතිඵල
■ වයස 8 න් පහළ
මෙනුජි වීරසිංහ (කිරිබත්ගොඩ විහාරමහා දේවි විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස තාරුකා දිල්රුක්ෂි (දෙහිවල ප්‍රෙස්බටේරියන් විදුහල) පරාජය කරන ලදි. (11/09, 13/11, 11/08)
■ වයස 10 න් පහළ
නඳුනි අනුප්‍රිය (කිරිබත්ගොඩ විහාරමහා දේවි විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස ඉයුනි වික්‍රමසිංහ (ගම්පහ සිරිකුරුස විදුහල) පරාජය කරන ලදි. (11/05, 08/11, 11/05)
■ වයස 12 න් පහළ
සඳින්තී ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස මින්නා හසීම් (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/08, 13/11)
■ වයස 15 න් පහළ
රනුධි මුතුකුඩආරච්චි (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස තරින්දි තමාෂා (කිරිබත්ගොඩ විහාරමහා දේවි විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/06)
■ වයස 18 න් පහළ
රනුධි මුතුකුඩආරච්චි (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස පිනිදි ජයසිංහ (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (14/12, 11/05)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.