Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තීන්දුව එනතුරු ඔලීට ක්‍රිකට් තහනම්

තීන්දුව එනතුරු ඔලීට ක්‍රිකට් තහනම්

editorial - 2021 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ජාතිවාදී මෙන්ම ලිංගිකත්වය සම්බන්ධ ට්විටර් පණිවුඩ පළකිරීම පිළිබඳව ඔලි රොබින්සන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති බැවින් නවසීලන්තයට එරෙහිව එජ්බැස්ටන්හිදී ලබන සතියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ඇතුළු සියලු ජාත්‍යන්තර තරග තහනම් කර ඇති බව එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි.

සසෙක්ස් ක්‍රීඩක ඔලී රොබින්සන් ලෝඩ්ස් හිදි ජය පරාජයෙන් තොරව අවසන්වූ ටෙස්ට් තරගය ඔලී රොබින්සන්ගේ මංගල ටෙස්ට් තරගය විය. මේ වනවිට 27 හැවිරිදි වියෙහි පසුවන ඔලී, 2012 සහ 2013 වසරවලදි යෞවනයෙකු ලෙස සමාජ මාධ්‍යයක පළකර තිබූ ජාතිවාදී හා ලිංගිකත්වය පිළිබඳව පණිවුඩ යලි ඉස්මතු වීම නිසා මංගල තරගයේදී ඔහු පිත්තෙන් සහ පන්දුවෙන් දැක්වූ දක්ෂතා යටපත් විය.

“එංගලන්ත සහ සසෙක්ස් පන්දු යවන්නා වන ඔලී රොබින්සන් 2012 සහ 2013 දී පළ කළ ට්විටර් පණිවිඩ සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පැවැත්වෙන තුරු ඔහු සියලුම ජාත්‍යන්තර තරග වලින් ඉවත් කර තිබේ. එබැවින්  එළඹෙන ජුනි 10 වැනිදා එජ්්බැස්ටන් හිදී නවසීලන්තයට එරෙහිව ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා ඔහු තෝරා ගෙන නොමැත”

“රොබින්සන් වහාම එංගලන්ත සංචිතයෙන් ඉවත් වී නැවත සිය ප්‍රාන්තය බලා යනු ඇත” යයි එංගලන්ත ක්‍රිකට්ක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සටහන්ව තිබුණි.

නවසීලන්තයට එරෙහිව ලෝඩ්ස් හි පැවති පළමු ඉනිමේදී ලකුණු 75 කට කඩුලු 4 ක් දවාගත් එංගලන්ත වේග පන්දු යවන්නා දෙවන ඉනිමේදී ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගනිමින් එංගලන්ත පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට සමත්විය. පිත්තෙන්ද දස්කම් දැක්වූ ඔහු පළමු ඉනිමේදී ලකුණු 42 ක් ද ලබාගත්තේය.

ඔහුගේ ට්විටර් පණිවුඩ සම්බන්ධයෙන් පසුගියදා ඔහු සමාව අයැද සිටියේය.

“මීට වසර අටකට පෙර මා විසින් පළ කරන ලද ජාතිවාදී හා ලිංගිකත්වය සම්බන්ධ ට්විටර් පණිවිඩ ගැන මගේ වෘත්තීය ජීවිතයේ වැදගත්ම දිනයේදී මා ලැජ්ජාවට පත් වෙනවා. ඒවා අද ප්‍රසිද්ධ වෙලා තියෙනවා” යැයි රොබින්සන් පළමු දිනය අවසානයේ පැවසීය.

“මා ජාතිවාදියෙකු නොවන බවත්, මම ලිංගික උන්මාදයකින් නොපෙළෙන බවත් පැහැදිලි කිරීමට මට අවශ්‍යයි. ” යයිද ඔහු කීවේය.

- 2079

 


අදහස් (0)

තීන්දුව එනතුරු ඔලීට ක්‍රිකට් තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.