Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තියුණු සටනකින් පසු නේපාලයට ජය

තියුණු සටනකින් පසු නේපාලයට ජය

editorial - 2021 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බංග්ලාදේශයේ ‘ඩකා’ නුවරදී ආරම්භ වූ මධ්‍යම ආසියානු වොලිබෝල් (කාන්තා) තරගාවලියේ අද (23) පැවැති තරගයකදී ශ්‍රී ලංකාව තියුණු  සටනකින් පසුව වට 3/2කට නේපාලයට පරාජය විය.

එහිදී ලකුණු 25/19, 25/21 ක් ලෙස ශ්‍රී ලංකාව පළමු හා දෙවැනි වට දෙකම ජය ගත්තත් ඉතිරි වට තුනේදීම 15/25, 19/25, 13/15 ක් ලෙස නේපාල ක්‍රීඩිකාවන්ට පරාජය විය.

කෙසේවුවත් තරගාවලියේ සිය පළමු තරගයේදී ප්‍රතිවාදීන්ට තියුණු සටනක් දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම කැපී පෙනේ. මෙම දෙරට අවසන්වරට පසුගිය 2019 සාෆ් උළෙලේදී මුණගැසුණු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ පරාජය සටහන් වී ඇත්තේ ගෝල 3-0 ක් ලෙසයි.

ඩකා නුවරදී ආරම්භ වූ මධ්‍යම ආසියානු වොලිබෝල් තරග මාලාව යටතේ ශ්‍රී ලංකාව අද කාන්තා තරගාවලියේදී  කසකස්තානයට එරෙහිවත් පිරිමි තරගාවලියේදී මාලදිවයිනට එරෙහිවත් තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නිර්දේෂිත නිත්‍ය ක්‍රීඩිකාවන් පිරිසක් සංචාරය අවසන් මොහොතේදී කොවිඩ් ආසාදිතයන් වීමෙන් පසුව කණ්ඩායමට අතිරේක ක්‍රීඩිකාවන්ගේ සහය ලබා ගැනීමට මෙහිදී වොලිබෝල් සම්මේලනය කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ අද පරාජයට එම සිදුවීම බලපෑමක් කළ බව එහි ලේකම් එස්. නාලක මහතා පවසයි.


අදහස් (0)

තියුණු සටනකින් පසු නේපාලයට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.