Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ ක්‍රීඩකයන් 21 දෙනා සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිස කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ සිට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මාරු කර යවා තිබේ. මෙම හෝටල දෙකම එකම පන්තියේ හෝටල වන නමුත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට කොරෝනා ආසාදිතයන් වීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම, පසුගිය 6 වැනිදා එංගලන්තයේ සිට පැමිණීමෙන් පසුව, කටුනායක ගුවන් තොටුපොළේ සිට එක එල්ලේම කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ නවාතැන් ගැනීමට සලස්වන ලදි. හෝටලයේ 6 වැනි මහල ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට වෙන්කර තිබිණ.
ෂිකාර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සීමිත ඕවර කණ්ඩායමත් මෙම හෝටලයේම නවාතැන් ගෙන සිටියද දෙපිලේ ක්‍රීඩකයන් අතර හමුවක් හෝ මිශ්‍රවීමක් නොතිබිණ. එහෙත් ශ්‍රී ලංකා පිලේ පිතිහරඹ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට සහ කණ්ඩායමේ දස්කම් විශ්ලේෂක තනුජ නිරෝෂන් මහතාට කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට යවා තිබේ.
- 213
Raveendra Sunday, 11 July 2021 04:42 PM
අපරාදේ.. ගෝල්ෆේස් එකෙන් මූදටම තල්ලු කරලා දාන්න තිබ්බේ...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.