Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති 125 වැනි සාම්ප්‍රදායික ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (24 වැනිදා) අවසන්විය.
පළමු දිනය අවසන් වනවිට කඩුලු 7 ක් දැවී ලකුණු 123 ක් රැස්කර පන්දුවට පහරදෙමින් සිටි ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 173 ක් පමණි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ මනුල පෙරේරා ලකුණු 49 කට කඩුලු 5 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
ත්‍රිත්ව විද්‍යාලයට වඩා ලකුණු 24 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ රාජකීය විද්‍යාලය කඩුලු 6 ක් දැවී ලකුණු 213 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය. ගයාන් දිසානායක (69) සහ කවිඳු මදුරුසිංහ (67) අර්ධ ශතක රැස්කරමින් රාජකීය විද්‍යාලීය දෙවැනි ඉනිම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූහ.
විමුක්ති නෙතුමාල් කඩුලු 3 ක් සහ රුවින් පීරිස් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සදහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය ත්‍රිත්ව විද්‍යාලයට දෙවැනි දිනය නිමාවන විට කඩුලු 4 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 32 ක් පමණි.
රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 55 කදී සියලුදෙනා දැවී ලකුණු 149
(කවිඳු මදුරුසිංහ 60, භාතිය දිසානායක 30, පසිඳු සූරියබණ්ඩාර 21, විමුක්ති නෙතුමාල් 52/7)
ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 54.4 කදී සියලුදෙනා දැවී ලකුණු 173
(ටේරවන් පර්සිවෙල් 25, හසිත බෝයගොඩ 24, හසින්ත ජයසූරිය 21, මනුල පෙරේරා 49/5, ළහිරු මදුශංක 16/2)
රාජකීය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 65.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 213
(ගයාන් දිසානායක 69, කවිඳු මදුරුසිංහ 67, භාග්‍ය දිසානායක 40, විමුක්ති නෙතුමාල් 88/3, රුවින් පීරිස් 14/2)
ත්‍රිත්ව විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 13 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 32
(මනුල පෙරේරා 13/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.