Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත්‍රිත්ව සිංහයන් අමාරුවේ

ත්‍රිත්ව සිංහයන් අමාරුවේ

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) ආරම්භවූ 125 වැනි සාම්ප්‍රදායික ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට පන්දුවට පහරදෙමින් සිටි ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 123 ක් රැස්කර සිටියේය.    

රාජකීය විද්‍යාලය පළමු ඉනිමේදී ලකුණු 149 ක් ලබාගත් අතර ත්‍රිත්ව විදුහල තවමත් ලකුණු 26 ක් පසුපසින් සිටී.

කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 149 කට සීමා කිරීමට විමුක්ති නෙතුමාල් ප්‍රමුඛ ත්‍රිත්ව විද්‍යාලීය පන්දු යවන්නෝ සමත්වූහ. කවිඳු මදුරසිංහ අර්ධ ශතකයක් (60) ලබාගනිමින් රාජකීය විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ වමතින් පාදඟ පන්දු යවන ක්‍රීඩක විමුක්ති නෙතුමාල් ලකුණු 52 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කොළඹ රාජකීය විද්‍යාලීය කණ්ඩායම පසිඳු සූරියබණ්ඩාර විසින් මෙහෙයවනු ලබන අතර ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ හසිත බෝයගොඩ මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවයි.

ත්‍රිත්ව විද්‍යාලය සහ රාජකීය විදුහල අතර මෙතෙක් පැවැති තරග 124 තුළදී කොළඹ රාජකීය විද්‍යාලය තරග 45 ක් ජයගෙන ඇති අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ජයගැනීමට හැකිවූයේ තරග 25 ක් පමණි. ඉතිරි තරග ජය පරාජයෙන් තොරව අවසන් විය.

හෙට (24 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.


රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 55 කදී සියලුදෙනා දැවී ලකුණු 149
(කවිඳු මදුරුසිංහ 60, භාතිය දිසානායක 30, පසිඳු සූරියබණ්ඩාර 21, විමුක්ති නෙතුමාල් 52/7)

ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 123
(හසිත බෝයගොඩ 24, හසින්ත ජයසූරිය 21, මනුල පෙරේරා 37/4)    

 


අදහස් (0)

ත්‍රිත්ව සිංහයන් අමාරුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.