Last Update  :  2025-12-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තහනම් උත්තේජක ලැයිස්තුව 21 දා පාර්ලිමේන්තුවට

තහනම් උත්තේජක ලැයිස්තුව 21 දා පාර්ලිමේන්තුවට

editorial - 2021 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

------------------
අවන්ත බාලසූරිය
------------------

ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් 2021 වර්ෂයේදී විවිධ ක්‍රීඩාවන් සඳහා හදුන්වාදෙනු ලැබූ තහනම් උත්තේජක ඇතුළු තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව ලබන 21 දා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද ( 19 ) පාර්ලිමේන්තුවේදී පැවති තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වෙමිණි.

ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් විවිධ ක්‍රීඩාවන් සඳහා තහනම් උත්තේජක ද්‍රව්‍ය ලෙස නම්කරනු ලබන ලැයිස්තුවක් වාර්ෂිකව නිකුත් කරයි. නොදැනුවත්ව හෝ ක්‍රීඩකයන් මෙම ද්‍රව්‍යන් තම කුසලතා වර්ධනය සඳහා භාවිතා කිරීම ඔවුන් එම තරග වලදී තහනමට ලක්වීමට හෝ වෙනයම් ක්‍රියාමාර්ගයකට යොමු කිරීමට හේතුවක් වේ.  

ඒ අනුව 2021 වර්ෂයේ ජනවාරි 01 දින සිට මෙම වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා වලංගු වන තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මීට අදාල ගැසට් නිවේදනය පසුගිය පෙබරවාරි 23 වෙනිදා නිකුත්කොට තිබූණි.

ඉසව්වන් වල නියැලෙන තරගකරුවන් සිය තරඟ කාලසීමාව තුළදී, සියලු අවස්ථාවලදී, විශේෂයෙන් සඳහන් කරන ලද අවස්ථාවලදී භාවිතා නොකළයුතු  සහ අපහරණයට ලක්විය හැකි ද්‍රව්‍යන් ලෙස  භාවිතා නොකළයුතු ද්‍රව්‍ය ගණනාවක් මේ මගින් නම්කොට තිබේ.  

 


අදහස් (0)

තහනම් උත්තේජක ලැයිස්තුව 21 දා පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.