Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරග දෙකක ලකුණු සමවෙයි

තරග දෙකක ලකුණු සමවෙයි

රොෂාන් ගුණරත්න - 2018 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (27 වැනිදා) පැවැති තරග දෙකක් ලකුණු සමවීමෙන් අවසන්විය. එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යුදහමුදාව සහ සී.සී.සී. කණ්ඩායම් අතර තරගයත්, කටුනායකදී පැවැති ද්‍රවිඩ සංගමය සහ ගාල්ල කණ්ඩායම් අතර තරගයත් ලකුණු සමවීමෙන් අවසන්වූ තරග විය.


තවත් තරග 9 ක් ක්‍රීඩාංගණ හයකදී පැවැති අතර බදුරලිය, මේරියන්ස්, කෝල්ට්ස්, පොලිස්, සැරසන්ස්, එන්.සී.සී., මීගමුව, එස්.එස්.සී. සහ ගුවන් හමුදා යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.


ඩක්වත් ලුවිස් න්‍යායට අනුව සැරසන්ස්, එන්.සී.සී. සහ ගුවන් හමුදා කණ්ඩායම් වලට ජයග්‍රහණය හිමිවූහ.

 

යුදහමුදාව සහ සී.සී.සී. කණ්ඩායම් අතර එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
තරගයේ ලකුණු සමවෙයි
සී.සී.සී. - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 142
(ඩිල්ශාන් මුණවීර 26, කුසල් මෙන්ඩිස් 64, සීක්කුගේ ප්‍රසන්න 25/4)
යුදහමුදාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 142
(දුශාන් විමුක්ති 24, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 63, නුවන් තුෂාර 25/3, ළහිරු මදුශංක 26/2)

ද්‍රවිඩ සංගමය සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය කටුනායකදී
තරගයේ ලකුණු සමවෙයි
ගාල්ල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 138
(දිල්ශාන් කාංචන 50, හර්ෂ රාජපක්ෂ 43, චානක විජේසිංහ නොදැවී 23, ප්‍රමෝද් ලියනගමගේ 27/2)
ද්‍රවිඩ සංගමය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 138
(ධනංජය ද සිල්වා 55, ජීවන් මෙන්ඩිස් 29, රජිත් ප්‍රියාන් 18/4, උදාර රණසිංහ 19/3)

කුරුණෑගල යොවුන් සහ බදුරලිය කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
බදුරලියට කඩුලු 6 ක ජයක්
කුරුණෑගල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 125
(රුවන්ත ඒකනායක 41, කේෂාන් විජේරත්න 27, ඩිලේශ් ගුණරත්න 12/3, අලංකාර අසංක 31/3, සවිත් ප්‍රියාන් 16/2)
බදුරලිය - ඕවර 19.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 129
(පැතුම් නිශ්ශංක 29, දිල්හාන් කුරේ නොදැවී 53, නදීර නාවල 21, මලිත් කුරේ 18/2)

හලාවත මේරියන්ස් සහ රාගම කණ්ඩායම් අතර කෝල්ට් ක්‍රීඩාංගණයේදී
මේරියන්ස්ට ලකුණු 15 ක ජයක්
මේරියන්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 146
(රෝහිත් දාමෝදරන් 42, මාලින්ද පුෂ්පකුමාර 20, දසුන් සෙනෙවිරත්න නොදැවී 20, කුෂාන් වීරක්කොඩි 31/4, ඉෂාන් ජයරත්න 29/2)
රාගම - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 131
(ශෙහාන් ප්‍රනාන්දු 33, ළහිරු තිරිමාන්න 23, ඉසුරු උදාන 13/2, අසිත ප්‍රනාන්දු 23/2, මාලින්ද පුෂ්පකුමාර 25/2)

වරාය අධිකාරිය සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පිලට කඩුලු 6 ක ජයක්
වරාය අධිකාරිය - ඕවර 19.1 කදී සියලුදෙනා දැවී ලකුණු 147
(යොහාන් ද සිල්වා 53, යශෝධ ලංකා 24, පවන් වික්‍රමසිංහ 21, කවිශ්ක අංජුල 14/2, අකිල ධනංජය 25/2, ප්‍රභාත් ජයසූරිය 31/2)
කෝල්ට්ස් - ඕවර 18.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 150
(කුසල් ජනිත් පෙරේරා 64, සධීර සමරවික්‍රම නොදැවී 56, රනේෂ් පෙරේරා 20/2)

කළුතර නාගරික සහ පොලිස් කණ්ඩායම් අතර පානදුරේදී
පොලිස් පිලට ලකුණු 42 ක ජයක්
පොලිස් - ඕවර 16 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 161
(සහන් විජේරත්න 29, සමිත් දුශාන්ත 44, සචිත ජයතිලක 40, එරංග රත්නායක 28/2, නිපුන කාරියවසම් 38/2, )
කළුතර නාගරික - ඕවර 16 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 119
(මතීෂ පෙරේරා 23, නිමේෂ් විමුක්ති 14/3, මංජුල ජයවර්ධන 19/2)

මීගමුව සහ පානදුර කණ්ඩායම් අතර කටුනායකදී
මීගමුවට ලකුණු 30 ක ජයක්
මීගමුව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 145
(ඩිලාසිරි ලොකුබණ්ඩාර 29, සඳුන් ඩයස් 32, සෙහාන් වීරසිංහ 24, සචින් දල්පදාදූ 22, තරිඳු මදුරංග 22/3, විනෝද් පෙරේරා 47/2)
පානදුර - ඕවර 18.3 කදී සියලුදෙනා දැවී ලකුණු 115
(විශ්ව චතුරංග 47, ජෙරම් චිනිල 20, ලසිත් කෲස්පුල්ලේ 20/3, තරිඳු වීරසිංහ 20/2, සෙහාන් වීරසිංහ 24/2)

නාවික හමුදාව සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී. පිලට ලකුණු 107 ක ජයක්
එස්.එස්.සී. - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 203
(දිමුත් කරුණාරත්න 57, දසුන් ශානක 34, තිසර පෙරේරා 84, ශතික් නිමල්ෂ 25/3)
නාවික හමුදාව - ඕවර 18.3 කදී සියලුදෙනා දැවී ලකුණු 96
(සුපුන් ලීලාරත්න 35, ආකාෂ් සේනාරත්න 22/4, ජෙෆ්රි වැන්ඩර්සේ 30/2)

ගුවන් හමුදාව සහ ලන්කන් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
ගුවන් හමුදාවට ලකුණු 5 ක ජයක් (ඩක්වත්/ලුවිස්)
ලන්කන් - ඕවර 18.3 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(මදුරංග ද සොයිසා 38, යෂාන් සමරසිංහ 25, චානක රුවන්සිරි 30, මිලාන් රත්නායක 21/3, බුද්ධික සඳරුවන් 30/3, ශොහාන් රංගික 24/2)
ගුවන් හමුදාව - ඕවර 9 කදී කඩුල්ලක් දැවී ලකුණු 61
(උදයවංශ පරාක්‍රම නොදැවී 36)

 

බ්ලූම්ෆීල්ඞ් සහ සැරසන්ස් කණ්ඩායම් අතර එන්.සී.සී. කණ්ඩායම් අතර
සැරසන්ස් පිලට ලකුණු 7 ක ජයක් (ඩක්වත්/ලුවිස්)
බ්ලූම්ෆීල්ඞ් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 187
(නිපුන් කරුණානායක 35, ළහිරු ජයකොඩි 81, ප්‍රමෝද් හෙට්ටිවත්ත 20, රුවිඳු ගුණසේකර 28/3)
සැරසන්ස් - ඕවර 8 කදී කඩුල්ලක් දැවී ලකුණු 74
(රුවිඳු ගුණසේකර නොදැවී 24, තනුක දාබරේ නොදැවී 42)

බී.ආර්.සී. සහ එන්.සී.සී. කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී. පිලට ලකුණු 28 ක ජයක් (ඩක්වත්/ලුවිස්)
බී.ආර්.සී. - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 143
(තිලකරත්න සම්පත් 44, රුමේෂ් බුද්ධික 33, ලසිත් මාලිංග 24/3, ෆර්වීස් මහරූෆ් 22/2)
එන්.සී.සී - ඕවර 10.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 93
(නිරෝෂන් දික්වැල්ල නොදැවී 38, උපුල් තරංග 35)

 

 


අදහස් (0)

තරග දෙකක ලකුණු සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.