Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරග තීරක මඩුගල්ලේ

තරග තීරක මඩුගල්ලේ

editorial - 2021 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ මස 18 වැනිදා සිට ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් රන්ජන් මඩුගල්ලේ මහතා පත්කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මඩුල්ලේ ප්‍රධානියාද වන රන්ජන් මඩුගල්ලේ මහතා දැනට ලොව සිටින ජ්‍යෙෂ්ඨතම තරග තීරකවරයා ද වෙයි.

මේ වන විට ටෙස්ට් තරග 199 ක තීරකවරයා ලෙසින් කටයුතු කර ඇති මඩුගල්ලේ මහතා එක්දින අන්තර්ජාතික තරග 363 කදී සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 107 ක තරග තීරකවරයා ලෙසින්ද කටයුතු කර තිබේ.

තරගාවලියේ විනිසුරුවරුන් වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභවේ උසස්ම පන්තියේ විනිසුරුවරයකු වන කුමාර් ධර්මසේන මහතාත්, අන්තර්ජාතික පෙලැන්තියේ විනිසුරුවරුන් වන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරු නම්කරනු ලැබ සිටිති.

- 213


අදහස් (0)

තරග තීරක මඩුගල්ලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.