Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරග 3 ක් තිබ්බා නම් හොඳයි

තරග 3 ක් තිබ්බා නම් හොඳයි

editorial - 2021 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගන්නා කණ්ඩායම තෝරා ගැනීම සඳහා තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් පැවැත්වීම සුදුසු බව ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රී මහතා පැවසීය. ඉන්දීය පුහුණුකරුවාට අමතරව, ඉන්දීය පිලේ හිටපු උපනායකයකු වන යුවරාජ් සිං ද එම අදහසම දරයි.

ඉන්දීය කණ්ඩායමේ හිටපු නායකයකු, තේරීම් කමිටු ප්‍රධානියකු මෙන්ම ටෙස්ට් තරග 116 ක් ක්‍රීඩා කළ ප්‍රවීණ පිතිකරුවකු වන දිලිප් වෙන්ග්සාකර් මහතා පවසන්නේද තරග 3 කින් සමන්විත තරගාවලියක් ලෝක ශූරයන් සඳහා වඩාත් යෝග්‍ය වන බවයි. 
ඉන්දීය කණ්ඩායම අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ පසුගිය මාර්තු මස 4 වැනිදා එංගලන්තයට එරෙහිව අහමදාබාද් නුවරදීය. එහෙත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරගයට පිවිසෙන්නේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකට පසුවය. එබැවින් නවසීලන්ත කණ්ඩායමට හොඳ සූදානමක් ඇති නමුත් ඉන්දීය කණ්ඩායමට එවන් පෙරහුරුවක් නැති බව දිලිප් වෙන්ග්සාකර් මහතා කියයි. 

පළමු වැනි වරට පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය නවසීලන්තය සහ ඉන්දියාව අතර මේ මස 18 වැනිදා එංගලන්තයේ සදම්ප්ටන් හි ඒජස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

එක් ටෙස්ට් තරඟයකින් ශූරතාවය තීරණය කිරීම දෙපාර්ශ්වයටම අසාධාරණ බවක් පෙනෙන්නට තිබුණද, අවසන් වසර කිහිපය තුළ ඔවුන්ගේ කණ්ඩායම කළ දේ වෙනස් නොවන බව ශාස්ත්‍රි සහ කෝලි පවසති. 

“මෙය එක රැයකින් උඩට ආපු කණ්ඩායමක් නොවේ. අවුරුදු ගණනක් ලෝකයේ හොඳම කණ්ඩායම අපි තමයි. ඒක අපි දිගටම කරගෙන යනවා. එබැවින් අවසාන තරගය අපේ කොල්ලන්ට ලැබුණු විශිෂ්ට ජයග්‍රහණයක් යැයි මම සිතනවා”
“අපි අවසන් මහ තරගය සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරලා තියෙනවා. පසුගිය වසර කිහිපය තුළ අප ක්‍රීඩා කළ ආකාරය නිසා එම අවසන් තරඟයට සහභාගී වූ පළමු කණ්ඩායම අප විය යුතු බවට කිසිවෙකුගේ සැකයක් නෑ” යයිද රවී ශාස්ත්‍රි මහතා පැවසීය. 

මේ අතර ඉන්දීය නායකයා උත්සාහ කරන්නේ තමන් මුහුණ දී සිටින පීඩනයෙන් මිදීමටය. 

“මට කිසිම අභියෝගයක් නැහැ,” කෝලි පවසයි.

“කණ්ඩායමේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, අපි අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් පසු කර තියෙනවා. දැන් විනෝද වීමට කාලයයි. අපි පසුගිය අවුරුදු පහ හය තුළ වෙහෙස මහන්සි වී වැඩ කළා. පිටතින් සිටින අය මෙන් අපි සිතන්නේ නෑ. අපිත් ඔවුන් මෙන් සිතන්නට පටන් ගත්තොත් ඒ වගේ, අපට දක්ෂතා දැක්වීමට නොහැකි වනු ඇත” යනුවෙන් කෝලී පවසයි. 


- 2079


අදහස් (0)

තරග 3 ක් තිබ්බා නම් හොඳයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.