Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරංග- දසුන් - මනෝජ් - රොන් ශතක ලබති

තරංග- දසුන් - මනෝජ් - රොන් ශතක ලබති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරග 5 ක් අද (23 වැනිදා) පැවැති අතර ඉන් ජය ගැනීමට සම්පත් බැංකුව, ජෝන් කීල්ස්, එල්.බී.ෆිනෑන්ස්, ටීජේ ලංකා සහ කොමර්ෂල් ක්‍රෙඩිට් යන කණ්ඩායම් සමත්වූහ.

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මාස් යුනිචෙලා පිලට එරෙහිව ලකුණු 11 ක ජයක් හිමිකර ගැනීමට එල්.බී.ෆිනෑන්ස් පිල සමත්වූ අතර වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ටීජේ ලංකා පිල විසින් මාස් සිලුඒටා පිල ලකුණු 134 කින් පරාජය කිරීමට සමත්විය.

ඩක්වත් ලුවිස් න්‍යයට අනුව තරග 3 ක ජය පරාජයන් තීරණයවූ අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කැන්රිච් ෆිනෑන්ස් පිලට එරෙහිව ලකුණු 90 ක ජයක් හිමිකර ගැනීමට සම්පත් බැංකු පිල සමත්විය. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී හේලීස් පිලට එරෙහිව ලකුණු 110 ක ජයක් හිමිකර ගැනීමට ජෝන් කිල්ස් පිල සමත්වූ අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ඩිමෝ පිලට එරෙහිව ලකුණු 41 ක ජයක් හිමිකර ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් පිල සමත්විය.

සම්පත් බැංකු පිලේ දසුන් ශානක (නොදැවී 124), ජෝන් කිල්ස් පිලේ මනෝජ් සරත්චන්ද්‍ර (108), හේලීස් පිලේ රොන් චන්ද්‍රගුප්ත (108) සහ කොමර්ෂල් ක්‍රෙඩිට් පිලේ උපුල් තරංග (නොදැවී 118) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ටීජේ ලංකා පිලේ ලක්ෂාන් සඳකැන් සහ ජෝන් කිල්ස් පිලේ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


එල්.බී.ෆිනෑන්ස්  පිලට ලකුණු 11 ක ජයක්
එල්.බී.ෆිනෑන්ස් - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 292
(ධනංජය ද සිල්වා 89, චරිත් අසලංක 60, ශෙහාන් ජයසූරිය 28, කුසල් මෙන්ඩිස් 26, කමිඳු මෙන්ඩිස් 53/3, ධම්මික ප්‍රසාද් 57/3, ශෙහාන් මදුසංක 60/2, අනුක් ප්‍රනාන්දු 46/2)

මාස් යුනිචෙලා - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී ලකුණු 281
(කමිඳු මෙන්ඩිස් නොදැවී 74, චාමර සිල්වා 61, තිලකරත්න සම්පත් 57, නිරෝෂන් දික්වැල්ල 21, චරිත් සුධාරක 36/4, ශෙහාන් ජයසූරිය 65/3, චරිත් අසලංක 58/2)


ටීජේ ලංකා පිලට ලකුණු 134 ක ජයක්
ටීජේ ලංකා - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 274
(සචිත් පතිරණ නොදැවී 88, මිනෝද් භානුක 36, මිලින්ද සිරිවර්ධන 35, සචිත්‍ර සේරසිංහ 30, සචිත්‍ර සේනානායක 26, රුවිඳු ගුණසේකර 21, බුද්ධික සංජීව 54/2, මාලිංග ද සිල්වා 32/2, නිමන්ද සුබසිංහ 47/2, නුවන් ප්‍රදිප් 41/2)

මාස් සිලුඒටා - ඕවර 33.2 කදී සියලුදෙනා දැවී ලකුණු 140
(ඇන්ජලෝ එමානුවෙල් 30, දෙනුවන් රාජකරුණා 28, නිමන්ද සුබසිංහ 25, ඉරෝෂ් සමරසූරිය 24, ලක්ෂාන් සඳකැන් 28/5, චලන ද සිල්වා 32/2)


සම්පත් බැංකු පිලට ලකුණු 90 ක ජයක් (ඩක්වත් ලුවිස්)
සම්පත් බැංකුව - ඕවර 45 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 304
(දසුන් ශානක නොදැවී 124, කෞෂාල් සිල්වා 43, රොමේෂ් බුද්ධික 43, දිලේෂ් ගුණරත්න 81/2, ප්‍රමෝද් මදුශාන් 60/2)

කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 21.1 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 93
(පැතුම් නිස්සංක 31)


ජෝන් කිල්ස් පිලට ලකුණු 110 ක ජයක් (ඩක්වත් ලුවිස්)
ජෝන් කිල්ස් - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 319
(මනෝජ් සරත්චන්ද්‍ර 108, දිමුත් කරුණාරත්න 91, ජෙහාන් ඩැනියල් 41, මනෙල්ක ද සිල්වා 20, ළහිරු සමරකෝන් 56/3, බිනුර ප්‍රනාන්දු 47/2)

හේලීස් - ඕවර 35 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 196
(රොන් චන්ද්‍රගුප්ත 108, සඳරුවන් ප්‍රනාන්දු 28, මදුරංග ද සොයිසා 29, ඇන්ඩි සොලමන්ස් 38, ජෙෆ්රි වැන්ඩසේ 48/5, සචින්ත පිරීස් 26/2)


කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට ලකුණු 41 ක ජයක් (ඩක්වත් ලුවිස්)
කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 301
(උපුල් තරංග නොදැවී 118, ළහිරු මදුශංක 34, දිල්ශාන් මුණවීර 22, අශාන් ප්‍රියංජන් 20, චතුරංග ද සිල්වා 23, වනිඳු හසරංග 27, මතීෂ පෙරේරා 29/2, කවිශ්ක අංජුල 64/2)

ඩිමෝ - ඕවර 35 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 181
(සම්මු අශාන් 67, නිසල තාරක 37, රමේෂ් මෙන්ඩිස් නොදැවී 23, නිපුන් කරුණානායක 22, සුරාජ් රංදීව් 26/2)

 


අදහස් (0)

තරංග- දසුන් - මනෝජ් - රොන් ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.