Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩෙලන් ඡන්ද 30,000 සීමාව පසුකරයි

ඩෙලන් ඡන්ද 30,000 සීමාව පසුකරයි

Nisanka Sandeepani - 2018 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2018) සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ පසුවන ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ඩෙලන් පීරිස් 23 වැනි සතිය නිමාවන විට ඡන්ද 30,000 සීමාවට ඉක්මවා යෑමට සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 1,368 ත් සමග මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 30,068 කි. 
 
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සචින් සිල්වා මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 18,797 ක් වන අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 921 කි. ඒ අනුව ඩෙලන් සහ සචින් අතර පැවැති ඡන්ද පරතරය 12,288 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 
 
ගෙවී ගිය සතිය තුළදී ඡන්ද 5021 ක් ලබාගනිමින් එම සතියේ වැඩිම ඡන්ද ලාභියා බවටද පත් වූ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ විහන් ගුණසේකර, මුළු ඡන්ද 17,780 ක් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි. 
 
නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින කොළඹ කේරි විදුහලේ දෙනුවන් පෙරේරා ඡන්ද 16,961 ක් ලබා සිටින අතර රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහලේ කෙනුල ගුණරත්න ඡන්ද 15,133 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ. ගෙවී ගිය සතියේදී ඡන්ද 1,217 ක් ලබාගැනීමට දෙනුවන් සමත්ව ඇති අතර එහිදී කෙනුල ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 2,536 කි. 
 
බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින නුගේගොඩ අනුලා විදුහලේ හර්ෂිතා සමරවික්‍රම සිය ඡන්ද සංඛ්‍යාව 17,889 ක් දක්වා වර්ධනය කරගෙන ඇති අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගම්පහ රත්නාවලී විදුහලේ පබසරා රණබාහු ලබා සිටින ඡන්ද සංඛ්‍යාව 8,101 කි. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පවතින පරතරය ඡන්ද 9,788 කි. 
 
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. www.dialog.lk/cricket යන වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමටද පාඨකයන්ට අවස්ථාව හිමිවේ. 
 
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේත් පළකෙරේ. 
 
 
 
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ 
1 එස්.ඒ. සර්යනාන්ත, 9, හේකිත්ත වීදිය, වත්තල  
2 උපුල් දර්ශන, 47/5, කෝනවත්ත, බෙම්මුල්ල 
3 චින්ත ප්‍රනාන්දු, 13, මෝදරවිල පාර, පානදුර 
4 හංසනී රණවීර, 55/ඩී/1, උරුවල් මාවත, කිරිල්ලවල, කඩවත 
 
-036 

අදහස් (0)

ඩෙලන් ඡන්ද 30,000 සීමාව පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.