Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩී.එස්. පළමු ඉනිම 156 කට සීමාවෙයි

ඩී.එස්. පළමු ඉනිම 156 කට සීමාවෙයි

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 12 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (16 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි මහානාම විදුහල කඩුලු 3 ක් දැවී ලකුණු 83 ක් ලබා සිටියේය.

දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටි පවන්ත වීරසිංහ ලකුණු 31 කට දැවී ගිය අතර පළමු දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි පැතුම් බොතේජු ලකණු 39 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඩී.එස්. සේනානායක විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට ෂෙනාල් චන්ද්‍රසේකර (56) සමත් වූ අතර විහන් ගුණසේකර (45) අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය.

එහිදී හේෂාන් හෙට්ටිආරච්චි ලකුණු 49 කට කඩුලු 4 ක් දවාගනිමින් ඩී.එස්. පිතිකරුවන් අමාරුවේ දැමුවේය. ඩී.එස්. ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා හේෂාන්ට අනගි සහායක් දුන් සොනාල් දිනූෂ සහ හෂාන් සංදීප කඩුලු 2 බැගින් දවාගත්හ.  


ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 59 කදී සියලු දෙනා දැවි 156
(ෂෙනාල් චන්ද්‍රසේකර 56, විහන් ගුණසේකර 45, හේෂාන් හෙට්ටිආරච්චි 49/4, හෂාන් සංදීප 45/2, සොනාල් දිනූෂ 18/2)

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 29 කදී කඩුලු 3 ක් දැවී 83
(පැතුම් බොතේජු නොදැවී 39, පවන්ත විරසිංහ 31)

 


අදහස් (0)

ඩී.එස්. පළමු ඉනිම 156 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.