Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ප්‍රධානතම පාසල් දෙකක් වන ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර 10 වැනි ‘රන් සටන’ වාර්ෂික රග්බි තරගය සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක්‍රීඩාංගණයේදී මේ මස 30 වැනිදා පස්වරු 4.30 ට පැවැත්වේ.
මොහොමඞ් අෂ්රොෆ්ගේ නායකත්වයෙන් ඩී. එස්. සේනානායක විදුහල මෙවර ‘සිංගර්’ ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා කළ අතර දෙවැනි වටයේදී ‘පළඟ’ අනු ශූරයන් බවට පත්විය.
ඩී. එස්. සේනානයක විදුහල් ක්‍රීඩකයෝ ‘පළඟ’ ශූරතා තරගාවලියේදී බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර සහ මහනුවර ධර්මරාජ යන විදුහල් පරාජය කරමින් මරදාන සහිරා විදුහලට එරෙහිව තරගය සම තත්ත්වයෙන් අවසන් කිරීමට සමත් වූහ.
මහානාම විදුහල් පිලේ නායකයා ලෙස දිනේෂ් බණ්ඩාර කටයුතු කරයි. මහානාම විදුහල මෙවර ‘සිංගර්’ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තරග පහේදී තර්ස්ටන්, ශාන්ත බෙනඩික්, මහනුවර විද්‍යාර්ථ සහ පිළියන්දල මැදි මහ විදුහල යන කණ්ඩායම් පරාජය කරමින් ‘පළඟ’ ශූරතාවට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
මෙවර තරගයේ සත්කාරත්වය මහානාම විදුහල දරණ අතර එම විදුහලේ රග්බි ක්‍රීඩාවට වසර 30 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමයට අනුබද්ධ රග්බි කමිටුව තරගය සංවිධානය කරයි.
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.